Loading...
මීළග iPhone මාදිලිය සඳහා 5000mAh Battery එකක් ලබා දීමට සුදානම් බවට තොරතුරු වාර්තා වේ

මේ වසර සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්වීමට නියමිතව පවතින Apple සමාගමේ නවතම iPhone Series එක වන iPhone 17 Series එක පිළිබඳව මේ වන විටත් විවිධ තොරතුරු අන්තර්ජාලය තුළ වාර්තා වෙමින් පවතිනවා. ඒ අනුව වාර්තා වන නවතම තොරතුරක් වන්නේ Apple සමාගම විසින් මේ නව Series එක සඳහා iPhone ඉතිහාසයේ ලොකුම බැටරි ධාරිතාවක් සහිත Battery එක ලබා දීමට සුදානමින් සිටින බවයි.

වාර්තා වන තොරතුරුවලට අනුව iPhone 16 Pro Max හි Battery Capacity එක වන 4,676 mAhට සාපේක්ෂව ආසන්න වශයෙන් 7%ක ධාරිතා වැඩිවීමක් ලබා දෙන බව දක්වන්න පුපුවන්. එනම් 5000 mAh පමණ Battery Capacity එකකුයි.

එමෙන්ම මෙම Battery Capacity එක වැඩි වීමට සමඟාමීව iPhone 17 Pro Max හි ඝනකම 8.25 mm සිට 8.725 mm දක්වා වැඩි වෙන බවත් වාර්තා වන අතර එය iPhone 16 Pro Max ට වඩා 0.475 mm ක වැඩිවීමක්.

iPhone 17 Pro Max හි 5,000 mAh පමණ Battery එක සමඟින්, iOS 26 හි AI-බැටරි ඉතිරිකිරීම්, A19 Pro Chipset එක, සහ vapor chamber cooling ආදියත් සමඟින් iPhone ඉතිහාසයේ හොඳම Battery Life එක ලබා දෙනු ඇතැයි බලපොරොත්තු විය හැකියි. එය iPhone 16 Pro Max පැය 33ක් (Video Playback) පමණ වන අතර iPhone 17 Pro Maxහි පැය 35-40ක පමණ වනු ඇතැයි වාර්තා වනවා.

Source: www.forbes.com bgr.com