Loading...
iPad Pro වලට සමාන හැඩයකින් නිපදවූ iPad Air එකක් නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරයි

Apple සමාගම විසින් මීට පෙරදී නිකුත් කල iPad Proහි design එකටම නිපදවූ නවතම iPad Air device එක ඊයේ දිනයේ පැවති Time Flies event එකේදී නිකුත් කරා. මෙහි අඟල් 10.9ක retina වර්ගයේ display එකක් සහිත වන අතර එය 2360×1640 pixel resolution එකකින් යුක්ත වේ. මෙම display එක true tone display, P3 color gamut සඳහා සහය දැක්වීම, anti-reflective coating යන විශේෂාංග වලින් සමන්විත වේ.

නව iPad Air එක iPad Proහි ඩිසයින් එකට නිමවූවක් වූවත් මෙහි Face ID ඇතුලත් කර නොමැති අතර ඒ වෙනුවට Touch ID එක ඇතුලත් කර ඇත ඒ සඳහා අවශ්‍ය වන fingerprint sensor එක ඔවුන් විසින් power button එක තුල ඇතුලත් කර ඇත.

මෙම iPad Air එක හරහා Apple සමාගම iPad Air සඳහා USB Type-C හඳුන්වා දි ඇති අතර ඒ හරහා දත්ත සම්ප්‍රේෂණයට හොඳ bandwidth එකක් ලබා ගත හැකිය. ඊට අමතරව තවත් උපාංග සවිකිරීමට හැකියාව ලැබෙන බැවින් ඒ හරහා හොඳ ecosystem එකක් iPad Air සඳහා ලැබෙනු ඇත.

මෙහි ඇති විශේෂිතම කරුණ වන්නේ Apple සමාගමේ නවතම A14 Bionic chipset එකෙන් මෙය බල ගැන්වීමයි. මෙම වසරේදී නිකුත් වීමට ඇති iPhone 12 series එක සඳහාද භාවිතා කරනුයේ මෙම A14 Bionic chipset එක වන අතර මෙය 5nm process එක හරහා නිපදවා ඇති බැවින් අඩු බලයකින් වැඩි කාර්‍යක්ෂමතාවයක් ලබාගත හැකිය. මෙම chipset එක සතුව ට්‍රාන්සිස්ටර් බිලියන 11.8ක් ඇති අතර එය A13 Bionic chipset එක තුල ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයට වඩා 40%කින් වැඩිය.

A14 Bionic chipset එක 6-core වර්ගයේ CPU එකක් වන අතර මෙයින් cores 2ක් high performance සහ cores 4ක් high efficiency ලෙස වර්ග වේ. මීට අමතරව GPU එක cores 4කින් යුක්තය.

Apple සමාගම පවසන අන්දමට A14 Bionic යොදා නිපදවා ඇති මෙම iPad Air මඟින් පෙර නිපදවූ iPad Air එකට වඩා 40%ක CPU performance සහ 30% GPU performance ලබා දෙනු ඇත.

ඊට අමතරව මෙය cores 16කින් යුතු neural engine එකකින් සමන්විත වන අතර ඒ හරහා තප්පරයකට මෙහෙයුම් ට්‍රිලියන 11ක් කල හැකි අතර එමඟින් එහි ඇති machine learning performance දෙගුණයකින් ඉහලගොස් ඇත.

iPad Airහි f/2.2 මෙගාපික්සල් 7ක front cameraවකින් යුක්ත වන අතර ඒ හරහා 1080p 60FPS වීඩියෝ කිරීමේ හැකියාව ඇත. පිටුපස කැමරාව ලෙස f/1.8 aperture එකකින් යුතු මෙගාපික්සල් 12ක කැමරාවක් ඇති අතර ඒ හරහා 60FPS 4K වීඩියෝ ලබාගත හැකිය. ඊට අමතරව 240FPS slow-motion වීඩියෝ සඳහාද සහය දක්වයි.

ඉහත කී කරුණු වලට අමතරව නව iPad Air එක සමඟ 2nd-gen Apple Pencil එක භාවිතා කල හැකි අතර iPad Proහි ලබා දී ඇති අන්දමටම කාන්දම් බලය ඔස්සේ එය iPad Air එකට සම්බන්ධ කල හැකි අතර wireless charging හරහා එය charge වේ. Apple සමාගම නිකුත් කරල නව Magic Keyboard එක සඳහාද මෙය සහය දක්වයි.

මෙම iPad Air එක $599ක මිලකට ලබන මස සිට ඔබට වෙළඳපලෙන් මිලදී ගත හැකිය.