Loading...
Arrhythmia රෝගීන්ගේ ශරීරයට ඇතුල් කරන Pacemaker උපකරණයට MagSafe හරහා බලපෑම් එල්ල වන බව Apple සමාගම නිවේදනය කරයි

ඔබට මතක ඇති iPhone 12 Series එක හදුන්වා දිමත් සමග Apple සමාගම විසින් iPhone සදහා MagSafe නම් Wireless Charging Technology එකක් හදුන්වා දෙනු ලැබුවා. කෙසේ වෙතත් මේ MagSafe හි භාවිත වෙන Technology නිසා Arrhythmia රෝගය පවතින පුද්ගලයින්ට බලපෑම් එල්ල විය හැකි බව මේ වෙන විට සොයාගෙන තිබෙනවා.

American Heart Association විසින් පළකර තිබෙන පර්යේෂණ පත්‍රිකාවකට අනුව ඔවුන් විසින් පෙන්වා දි තිබෙන්නේ Arrhythmia රෝගයෙන් පිඩා විදින රෝගින්ගේ හෘත් රිද්මය නිවැරදි කිරිම සදහා ශරිරය තුලට ඇතුළත් කරන Pacemaker නම් කුඩා උපකරණයේ ක්‍රියාකාරිත්වයට මේ MagSafe Chargers වල පවතින Technology එක නිසා බාධා එල්ල විය හැකි බවයි.

එමෙන්ම මේ වන විට Apple සමාගමද මෙය තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

MagSafe Charger එක මගින් නිකුත් වෙන Magnetic interference නිසා Pacemaker උපකරණයට බාදා ඇති වෙනු ලබනවා. මේ මගින් එම උපකරණයේ නිවරදි ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වෙන බවත්, ඒ නිසා Arrhythmia රෝගයෙන් පිඩා විදින රෝගින්ට මේ ඔස්සේ බලපැම් ඇති විය හැකි බවත් ඔවුන් දක්වා තිබෙනවා.

මේ සදහා හේතු වි තිබෙන්නේ MagSafe Charger එක මගින් iPhone Charge කිරිමේ දි iPhone එක හා MagSafe Charger එක නිවරදිව ස්පර්ශ විම සදහා MagSafe Charger එක තුල Magnets භාවිත කර තිබිමයි. ඒ වගේම ඔවුන් වැඩි දුරටත් දක්වා iPhone 12 Series එක තුළත් එයට පෙර නිකුත් වු iPhone හා සැසදිමේදි වැඩි Magnets ප්‍රමාණයක් ඇතුළත්ව පවතින බවයි.

Arrhythmia යනු හෘද ස්පන්ධන රිද්මය නිසි පරිදි රිද්මයාකාරව ක්‍රියාත්මක නොවිම වෙන අතර හෘදයේ ස්පන්ධන රිද්මය නිසි පරිදි ක්‍රියාත්මක කිරිම සදහා Pacemaker නම් කුඩා උපකරණයක් භාවිත කරනවා.

කෙසේ වෙතත් Apple සමාගම විසින් මිට පෙර Pacemaker උපකරණය භාවිත කරන පුද්ගලයින් විසින් MagSafe Charger එක අගල් 6 කට වැඩි දුරක තබා ගන්නා උපදෙස් දි තිබෙනවා.

Sources: Apple, Business Insider, Gizmochina, American Heart Association