Loading...
$14.95 සිට Apple One subscription bundles ඔබ අතට

අලුත්ම Apple iPad Air, 8th-Gen iPad, Apple Watch Series 6 සහ Apple Watch SE සමඟම Apple සමාගම ඔවුන්ගේ Apple One subscription bundle එකත් announce කලා. ඉතින් මේ Apple One එක්ක customersලට හැකියාව ලැබෙනවා තනි තනිව apps වලට අදාල subscriptions purchase කරන්නේ නැතුව bundles විදිහට purchase කරලා cost එක අඩු කරගන්න.

ඉතින් මේ විදිහට Apple සමාගම App bundles 3ක් announce කරලා තියෙනවා.

Apple One Individual Plan

The Apple One Individual Plan එක price වෙන්නේ මාසයකට $14.95 ක්. මේ තුලින් GB 50 ක් iCloud storage එකක්, Apple Music, Apple TV+, සහ Apple Arcade කියන සේවාවන් offer කරනවා.

Apple One Family Plan

ඉතින් මේක පවුලෙ හැමෝටම එන plan එකක්. Apple Music, Apple TV+, සහ Apple Arcade එක්ක GB 200 ක iCloud storage එකක් මසයකට $19.95 ක මිලකට ලැබෙනවා.

Apple One Premier Plan

මේක offer කරන්නේ තෝරාගත් regions කීපයක විතරයි. මේ තුලින් Apple Music, Apple TV+, Apple Arcade, එක්ක Apple News+ සහ Apple Fitness+ ද ඒත් එක්ක TB 2 ක iCloud storage එකකුත් ලැබෙනවා. මේ සියල්ලම Apple ලා offer කරන්නේ මාසයකට $29.95 කට.

ඉතින් ලඟදීම මේ app bundles නිකුත් වෙනව. මීට අමතරව ඔයාට 30 day free trial එකකුත් ලැබෙනවා ඔයා තෝරගත්ත plan එක ඔයාට හරියටම ගැලපෙනවද කියලා බලාගන්න.