Loading...
රේසිං ත්‍රාසය ඔබේ දෑතට; ලොව පළමු Haptic Trailer එක Apple සමාගම නිකුත් කරයි

ඊයේ දිනයේදී Apple සමාගම විසින් ලොව පළමු “Haptic Trailer” එක එළිදැක්වීම සිදු කළා. ඒ Apple TV+ විසින් ඩොලර් මිලියන 300ක පමණ වියදමක් දරා නිෂ්පාදනය කරනු ලබන F1 චිත්‍රපටය සඳහායි.

Image Source- Tim cook x account

iPhone එකක් ඇති ඔබට මේ Trailer එක නැරඹිමේදී රේසිං කාර් එකක එන්ජිමේ කම්පනය, ගැටුම්, සහ තවත් සිදුවීම් ඔබේ දෑතට දැනෙන ආකාරයෙන් නරඹන්න පුළුවන්. මෙම Haptic Trailer එක Apple TV+ App එක හරහා iOS 18.4 හෝ ඊට ඉහළ මෙහෙයුම් පද්ධතියක් ඇති iPhone ඔස්සේ පමණක් නැරඹිය හැකි වනවා.

මොකක්ද මේ Haptic Trailer එකක් කියන්නේ ?

Haptic තාක්ෂණය යනු ඔබේ උපාංගයේ vibration එකක් හරහා ස්පර්ශන ආචරණයක් (tactile sensation) ඇති කරන තාක්ෂණයක්. iPhone වල Taptic Engine එක මේකට භාවිතා වෙනවා. දැනටමත් ඔබ app icon එකක් long-press කරනකොට, volume එක adjust කරනකොට, හෝ Control Centre එකේ interact කරනකොට ඔබට දැනෙන vibration එක සරලවම Haptic Feedback එකක් විදිහට දක්වන්න පුලුවන්.

F1: The Movie හි haptic trailer එකට මේ තාක්ෂණය භාවිතා කරලා චිත්‍රපටයේ Trailer එකකට ජීවයක් ලබා දී තිබෙනවා. උදාහරණයක් විදිහට, Brad Pitt ගේ චරිතය Sonny Hayes රේසිං කාර් එකක ධාවනය වෙනකොට ඔබේ iPhone එක එන්ජිමේ කම්පනයට ගැලපෙන vibration එකක් නිකුත් කරනවා. ගැටුම්, seatbelt දැමීම හෝ steering wheel එකේ බටන් එබෙනවා සියුම් කුඩා අවස්ථාවලටත් vibration එකක් එනවා.

Haptic තාක්ෂණය iPhone වල Taptic Engine එක හරහා බලගැන්වෙනවා. මේක Apple හි proprietary hardware component එකක්. ඒ වගේම මේ තාක්ෂණය ගේමිං controllers (Nintendo, Xbox, PlayStation) වල rumble feature එකට සමානයි, ඒත් ඊට වඩා nuanced vibrations ලබා දෙනවා. මෙය ගේමිං හි භාවිතා වුණු haptic තාක්ෂණය චිත්‍රපට ප්‍රවර්ධනයට ගෙනා පළමු අවස්ථාව. 4DX තියටර්වල motion-enabled seats, wind, lightning වගේ effects එක්ක චිත්‍රපට බලන ආකාරයටම, මේ haptic trailer එක ඒ වගේ immersive අත්දැකීමක් iPhone එකේ ලබා දෙනවා.

Watch Haptic Trailer - Apple TV+

ඉතිං ඔයාටත් iOS 18.4 හෝ ඊට ඉහළ අනුවාදයකින් යුත් iPhone එකක් තියෙනවා නම් දැන්ම මේ අලුත් අත්දැකීම ගන්න. iPhone එකක් නැති නම් මිතුරෙකුගේ iPhone එකකින් හරි මේ අත්දැකිම අරන් බලන්න කියලත් Android වැඩකාරයෝ අපි ඔයාට ආරාධනා කරනවා.