Apple සමාගම විසින් සිය නවතම iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max යන මාදිලි පෙළෙහි නිල වශයෙන් Certified Refurbished Devices දැන් වෙළඳපොළට නිකුත් කර තිබේ.
අලුත්ම දුරකථනයක අත්දැකීම අඩු මිලකට ලබා ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් සඳහා මෙය කදිම අවස්ථාවකි. මෙම 'Refurbished' දුරකථනවල ඇති සුවිශේෂී කරුණු කිහිපයක් පහත දැක්වේ:
- අලුත්ම පෙනුම සහ තත්ත්වය: සෑම දුරකථනයකටම සම්පූර්ණයෙන්ම අලුත් බැටරියක් සහ අලුත් බාහිර ආවරණයක් සවි කර ඇති බැවින්, ඒවා අලුත්ම දුරකථනයකට සමාන වේ.
- විධිමත් පරීක්ෂාව: Apple සමාගමේ ඉංජිනේරුවන් විසින් මෙම උපාංග සියල්ල දැඩි තාක්ෂණික පරීක්ෂාවකට ලක් කර, පිරිසිදු කර නැවත අසුරා ඇත.
- සම්පූර්ණ වගකීම: අලුත් iPhone එකකට හිමිවන වසරක සීමිත වගකීම මෙයට ද හිමිවන අතර, පාරිභෝගිකයාට අවශ්‍ය නම් AppleCare+ වැනි අමතර ආරක්ෂණ සේවාවන් ද ලබා ගත හැකිය.
- අනෙකුත් පහසුකම්: මේවා ඕනෑම ජාලයක් සමඟ භාවිත කළ හැකි අතර, නව USB-C කේබලයක් සහිතව සරල නව ඇසුරුමක අලෙවි කෙරේ.
ප්‍රධාන මාදිලි දෙක වන iPhone 16 Pro සහ Pro Max දැනට අලුතින් නිෂ්පාදනය නොකරන බැවින්, එම මාදිලි Apple සමාගමෙන් සෘජුවම ලබා ගැනීමට ඇති එකම විශ්වාසදායක ක්‍රමය මෙයයි.
Source: gsmarena.com








