Loading...
LDR sensor එක Arduino වලදී භාවිතා කරමු (Lesson 06)

සුභ දවසක්. අද අපි ඔයාලට ගෙනාවේ LDR Sensor එකක් කොහොමද පාවිච්චි කරන්නේ කියලා.

LDR Sensor එකක් කියන්නේ ආලෝකය තියද නැද්ද කියල බලාගන්න හදපු sensor එකක්. මේ මතට ආලෝකය වැටුන ගමන් ඒකට අදුරගන්න පුලුවන් දැන් මේකට ආලෝකය වැටිලා තියනවා කියල. නැතිනම් ආලෝකය නෑ කියලත් මේකට අදුරගන්න පුලුවන්. මේකේ විශේෂත්වය වෙන්නේ මේ sensor එක digital pin එකක් හරහා ආලෝකය තිබේනම් 1 ලෙසද නැතිනම් 0 ලෙසද ප්‍රතිදානය කිරීමයි. ඒමත් නැතිනම් අපිට ආලෝකය කොපමණ අගයක් තිබේද යන්න බලාගැනීමට analog pin එකක් භාවිතා කිරීමටත් පුලුවන්. ඉතින් දැන් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා.

මුලින්ම අපට මේ සදහා ඕන දේවල් බලමු.
1. Uno board එකක්.
2. LDR Sensor එකක්.
3. Jumper Wires.
4. Resistor 220 Ohm එකක්.

LDR Sensor

මේ සදහා අපි පහත ආකාරයට LDR sensor එක අපේ uno board එකට සවි කරගන්න ඕන.

Digital PIN එකකින් value ගන්නේ මෙහෙමයි.

Circuit

දැන් මේ ආකාරයට අපි code එක ලියමු.

Code

මුලින්ම void setup() තුල අපි LDR එක සවිකරන PIN එක INPUT PIN එකක් සේ හදුන්වා දිය යුතුය.

pinMode(ldrPin,INPUT)

තවද අපි serial monitor එක භාවිතා කරන නිසා serial monitor එක ඕපන් වීමට අවශ්‍ය පහත දෑ සදහන් කල යුතුය. එහි 9600 යනු baud rate එකයි. එය සාමාන්‍යයෙන් 9600 ලෙස ගැනේ.

Serial.begin(9600);

ඉන්පසු void loop() තුල එම pin එකෙන් අදාල value එක ලබාගත යුතුය. ඒ සදහා වෙනම variable එකක් අපි සාදාගනී.

int ldrStatus = digitalRead(ldrPin);

දැන් මෙසේ ලබාගන්නා value එක 0 හෝ 1 අගයක් වන නිසා අප එය if හරහා පියවර දෙකකට පරික්ෂා කරයි.

if (ldrStatus == 1)
{
   light = "ON";
   Serial.println(light);
}

මෙමගින් sensor එක හරහා ලබාගන්නා value එක 1 උවහොත් light නැමැති string variable එකට "ON" ලෙස ආදේශ වී serial monitor එක හරහා එය print වී පෙන්වයි.

if (ldrStatus == 0)
{
   light = "OFF";
   Serial.println(light);
}

මෙමගින් sensor එක හරහා ලබාගන්නා value එක 0 උවහොත් light නැමැති string variable එකට "OFF" ලෙස ආදේශ වී serial monitor එක හරහා එය print වී පෙන්වයි.

Analog PIN එකකින් value ගන්නේ මෙහෙමයි.

ඒ සදහා අපි Uno board එකේ තියන analog pin භාවිතා කරලා මේ ආකාරයට අපේ පරිපථය හදාගන්න ඕන.

Circuit

දැන් මෙසේ පහත පරිදි Code එක සටහන් කර ගනිමු.

Code

Sensor එක මතට අත හෝ කිසියම් දෙයක් තබා අදුරු කර මෙහි ක්‍රියාකාරීත්වය serial monitor එක හරහා බලාගැනීමට පුලුවන්.

Code file https://github.com/realrajapaksha/Arduino

එහෙනම් යාලුවනේ අදට අපි සමුගන්නවා. තවත් මේ වගේ ආටිකල් එකක් අරගෙන ආයෙත් එන්නම්. ඔයාලගේ අදහස් යෝජනා සහ අඩුපාඩු comment කරන්නත් අමතක කරන්න එපා. සුභ දවසක්.