Loading...
Asus ROG Phone 3, Snapdragon 865+ SoC + 12GB RAM සමඟින් නිකුත් වන බවට ඉඟි

කවුරුත් Release වෙනකම් ආසාවෙන් බලන් ඉන්න ROG phone 3 එක ගැන සම්පුර්ණයෙන්ම වගේ විස්තර TENNA web site එකේ පල වෙලා තිබුනා.

ROG phone 3 එකේ Design එක කලින් ROG phone 2 එකට ගොඩක්ම සමානයි. කලින් වගේම rectangular shape design එක, පිටුපස තිරස් අතට පිහිටි කැමරා, display එක මේ හැම දෙයක්ම කලින් ROG phone 2 එකට සමානයි. මේ phone එකේ dimension 171 × 78 × 9.8mm විදිහට බලාගන්න පුළුවන්, ඒ වගේම බර ගත්තොත් 240g වගේ තියෙනවා. ඒ කියන්නෙ මේක ටිකක් බර ඝනකම් Phone එකක්.

මේකටත් notch-less අඟල් 6.59ක display එකක් තමයි එන්නෙ. 1080 × 2340p (FHD+) resolution එකක් මේ display එකට තියෙනවා. ඒවගේම මේක 19.5 :9 aspect ratio එකක් තියෙන AMOLED display එකක්. 144Hz refreshing rate එකක් මේ display එකට තියෙයි කියලත් කියනවා. Under display fingerprints sensor එකක් මේකෙත් එනව කියල තමයි ආරංචිය තියෙන්නේ.

Power button එක වගේම volume up/down keys අපිට දකුණු පත්තෙ බලාගන්න පුළුවන්. Secondary USB - C port එක අපිට වම් පැත්තෙ බලාගන්න පුළුවන්. කොහොම උනත් අපිට 3.5mm headphone jack එක නම් බලා ගන්න පුළුවන් කමක් නෑ. ROG phone 3 එකේ dual font facing speakers බලා ගන්න පුළුවන්.

මේක බල ගැන්වෙන්නෙ 3.01GHz maximum frequency එකක් තියෙන octa-core SoC එකකින්. අපි කලින් Snapdragon 865 SoC එකෙන් බල ගැන්වෙන phone list එකේ ROG phone 3 එකත් දැක්කා. ඒ නිසා මේක Snapdragon 865 SoC එකෙන් බලගැන්වෙයි කියලා හිතන්න පුළුවන්. මේකට 5G (SA/NSA) support කරනවා.මේකෙ Antutu benchmark score leak වෙලා තිබුනා.

මේකට triple rear camera setup එකක් තමයි එන්නෙ. 64mp primary camera එකක්ද,13mp ultra wide camera එකක්ද එනවා. තුන්වෙනි කැමරාව ගැන වැඩි විස්තර නැති උනත් මේක 8X දක්වා Zooming හැකියාවක් තියෙන telephoto camera එකක් කියලා තමයි කියන්නෙ. මේකෙ front facing camera විදිහට 13mp කැමරාවක් එනවා. මේකට 5800mAh වගේ ලොකු battery එකක් තියෙනවා. ඒකට 30W fast charging support කරනවා. මේකට 8GB/12GB/16GB RAM ද 128GB/256GB/512GB storage වලින්ද එනවා. TENNA web site එකේ තිබුනෙ Bright Black color එක විතරයි, ඉතින් තව මොන පාට වලින් එයිද දන්නෙ නෑ.

මේක Officially Announce කරන දවසක් ගැන තාම දන්නෙ නෑ. ජූලි අග වෙද්දි මේක Announce කරයි කියලා තමයි rumors වලින් කියන්නෙ.