මෑතක සිට ශ්‍රි ලංකාවේ බොහොමයක් අපට අහන්න ලැබෙන දෙයක් තමයි හදිසි මරණ. Heart Attack (හෘදයාබාධ), Stroke (ආඝාත), Diabetes (දියවැඩියාව) වැනි බෝ නොවන රෝග (Non-communicable diseases - NCD) තත්ව කලින් සිට හදුනා නොගැනීම සහ තමන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව නිසි අවබෝධයක් නැතිකමින් බොහෝ දෙනා මෙවැනි අකල් මරණ වලට ගොදුරු වෙනවා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා යම්තාක් දුරට දියුණු වුවත් දකුණු ආසියාවේ වෙනත් රටවලට සාපේක්ෂව බොහෝ දෙනෙක් තම තමන්ගෙම සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරන්නේ යම් රෝගී තත්ත්වයක් හෝ රෝග ලක්ෂණ පහල වු පසු පමණයි. රෝගී වූ පසු ප්‍රතිකාර සඳහා තාක්ෂණය භාවිතා කරනවා සේම, රෝගයක් කලින් හදුනාගැනීම සඳහාද තාක්ෂණය භාවිතා කළ හැකි බව ඔබ දැන සිටියා ද?

Ayubo යනු මෙවැනි NCD රෝග තත්ව වලක්වා ගෙන හෝ කලින් හදුනාගෙන ඔබේ සෞඛ්‍ය තත්වය ඔබටම අඨිකෂණය (Monitor) කරගත හැකි App එකක්. ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරු කණ්ඩායමක් විසින් ලාංකික ඔබ සදහාම නිර්මාණය කරන ලද මේ Ayubo App එක හරහා ඔබට ඔබේ වෛද්‍ය වාර්තා (Medical reports) upload කර AI (Artificial Intelligence) හරහා එම වාර්තාවල analysis එකක් ලබාගත හැකියි. මේ සදහා Ayubo භාවිතා කිරිමේ විශේෂත්වය වන්නේ AI මගින් ලබාදෙන analysis එක සැබෑ වෛද්‍යවරයෙකු විසින් verify කර ඔබට ඉදිරිපත් කිරීමයි.
දැනට Ayubo App එක හරහා ඔබට පහත දැක්වෙන report වර්ග upload කර analyse කරගත හැකියි.
- Blood Sugar Test
- Lipid Profile Test
- Full Blood Count
- Cardiac Enzyme Test
- Immunological Assessment
- Renal Function Test
- Liver Function Test
- Thyroid Function Test
මීට අමතරව Ayubo app එක භාවිතා කර ඔබට blood glucose (රුධිර ග්ලුකොස්) හා blood pressure (රුධිර පීඩනය) වැනි දිනපතා ගන්නා මිනුම් සටහන් වාර්තා කරගත හැකියි. මේ මිනුම් ගන්නා බොහෝ දෙනා දැනට ඒවා සටහන් කර ගැනීමට කිසිදු උත්සාහයක් දරන්නේ නෑ. Ayubo මගින් ඔබට ඉතා පහසුවෙන් මේ දෛනික මිනුම්වල යම් විෂමතාවයන් තිබේ නම් ඒවා හඳුනාගත හැකි වෙනවා.ඒ වගේම Ayubo app එක ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් හැසිරවිය හැකි අන්දමින් සකස් කර තිබෙන්නේ.

Ayubo app එක හරහා ඔබගේ medical report සහ medical readings කාලයක් තිස්සේ සටහන් කිරිමෙන් ඔබට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමට උපකාරයක් වේවි. ඔබට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ඔබගේ medical report readings ප්‍රස්ථාරගත කර ඔබට ඉදිරිපත් කෙරෙන අතර එයින් ඔබට ප්‍රතිකාර අවශ්‍යද යන්න හෝ දැනට ගන්නා ප්‍රතිකාර සාර්ථක අතට යනවාද නැද්ද යන්න ඔබට Ayubo app එක හරහා විශ්ලේෂණය කරගත හැකියි.
මේ ගැන වැඩිදුර තොරතුරු සහ download කරගත හැකි අයුරු මෙතනින් බලන්න.