Loading...
සල්ලි යවන Chat එක, හෙළPay Chat

හෙළPay කියන්නේ ඔයලා අපි කවුරුත් දන්න Helakuru Sinhala Keyboard එක හදපු Bhasha Lanka ආයතනයේ තවත් එක Product එකක්. මේ හෙළPay ගෙවීම් ක්‍රමවේදය ඔවුන් විසින් හඳුන්වාදුන්නේ මීට අවුරුදු 2කට පෙර භාෂා ලංකා ආයතනයට දසවසරක් සපිරෙන මොහොතේදීයි.

එතැන් සිට හෙළPay ආරම්භ කළ ගමන් මේ වන විට අතිවිශාල දුරක් ඇවිල්ලා තියෙනවා. ඒක කොච්චර දුරක් ද කියලා කිව්වොත් මේ වන විට හෙළPay හරහා සිදු කරන ලද ඩිජිටල් ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියනය ඉක්මවා ගිහිල්ලා තියෙනවා.

May be a graphic of money and text

ඉතින් මේ තරම් දෙයක් කරපු හෙළPay වලින් Bhasha Lanka ආයතනය කරපු අලුත්ම වෙනස තමයි මේ හෙළPay Chat කියන්නේ.

මේ වෙන කොට හෙළPay භාවිතා කරලා ඔබට Reload දාන්න, බිල්පත් ගෙවන්න, Online Payment කරන්න, E-channeling දාගන්න ඒ වගේම Highway එකේ, Supermarket වල Bill ගෙවන්න වගේ දේවල් ඔබට හෙළPay වලින් කරන්න පුළුවන්. හැබැයි එදිනෙදා අපිට අවශ්‍ය වන තවත් දෙයක් තමයි, කෙනෙකුගේ බැංකු ගිණුමින් තවත් කෙනෙකුගේ බැංකු ගිණුමකට මුදල් හුවමාරු කරන එක. අන්න ඒ සඳහා තමයි Bhasha Lanka ආයතනය විසින් මේ හෙළPay Chat හඳුන්වාදෙන්නේ.

May be an image of text that says "ආවා බබී 10:29 PM Salli awa thanks T18:AM තෑන්ක්ස් මචං සල්ලි ආවා සල්ලි යවන Chat එක PM සල්ලි ආවා පුතේ 6:44 AM බඩු ආවා 10:58 AM 2,000.00 Sent බඩු ආවා 10:58AM 11:17 AM ආවා අයියේ 11:18AM 11:18 Thankyou! 10:29 PM Pay Chat"

ඇයි මුදලක් යවන්න Chat එකක්?

ඉස්සර Photo එකක් Video එකක්, Document එකක් Mail කරලා තව කෙනෙකුට යවන්න සෑහෙන්න කට්ටක් කාපු අපි දැන් සරලව ඒ සඳහා භාවිතා කරන්නේ Chat එකක්. ඒ දෙන්නෙක් අතර යම්දෙයක් හුවමාරු කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේ Chat කියන්නේ.

එච්චර ඕන නෑ. දැනටත් ඔයා කාගේ හරි බැංකු ගිණුමකට සල්ලි දාලා ඒකෙ Confirmation Slip එක පවා යවන්නේ Chat එකෙන් නේ. අන්න ඒ නිසා තමයි මේ Bhasha Lanka ආයතනය Chat එකෙන්ම මුදල් යවන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වා දීලා තියෙන්නේ.

කොහොමද හෙළPay Chat භාවිතා කරන්නේ?

මේ පහසුකම ලැබෙන්නේ හෙළකුරු App එකේ Latestම Version එක වන 11.0 සහ ඊට උඩ Version සඳහායි. ඒ නිසා ඔයා මුලින්ම බලන්න ඔයා භාවිතා කරන්නේ Helakuru Latest Version එකද කියලා. එහෙම නැත්නම් දැන්ම ඔබගේ App Store එකෙන් App එක Update කරගන්න.

Helakuru App එකේ හෙළPay Section එකට ගියාම ඔයාට මේ වගේ "🚀 මුදල් යවන්න" කියලා Button එකක් බලාගන්න පුළුවන්.

අන්න ඒක Tap කරලා ගිහින් Select Contact Button එක Click කරලා ඔබගේ Contact List එකෙන් මුදල් යවන්න අවශ්‍ය කෙනාව Select කරගන්න. ඔයාගේ Contact List එකේ ඔයා තෝරන කෙනා Helakuru භාවිතා නොකරන කෙනෙක් නම් එයාට SMS හරහා App එක Download කරගන්න Invitation Link එකක් යවන්න පුළුවන්.

අන්න එතකොට ඒ කෙනෙත් එක්ක මේ විදියට Chat එකක් Open වෙනවා. මේ Chat එකේ ඔබට සාමාන්‍ය විදියට Text, Images පවා යවන්න පුළුවන්.

මුදල් යවන්න නම් මෙන්න මේ "රු." icon එක Click කරන්න.

ඊට පස්සේ ඔයා යවන මුදල් ප්‍රමාණයයි. මුදල් යවන හේතුවයි දාලා. Send Button එක Click කරන්න. ඊට පස්සේ ඔයාගේ Fingerprint එක හරි FaceID එක හරි දීලා ඔයාගේ Payment එක Approve කරන්න.

ඊට පස්සේ මේ වගේ Sent කියලා Chat එකේ පෙන්වනවා.

ආයේ ඉතින් ඔන්න සල්ලි එව්වා කියලා Screenshot ගගහා යවන්න දෙයක් නැහැ. ඉතාම ලේසියෙන් Chat එකේම මුදල් යවන්න පුළුවන්.

කොහොමද මේක වෙන්නේ?

මේකෙදි වෙන්නේ ඔයා Helapay එකට Connect කරලා තියෙන Bank Account එකෙන් ඔයා කාට හරි මුදල් යවපු ගමන් ඒ ගාණ අඩු වෙන එක. ඊට පස්සේ යවන කෙනාට ඒක ලැබුණු ගමන්ම එයාගේ Helapay එක Connect කරගෙන ඉන්න Bank Account එකට ඒ මුදල බැර වෙනවා.

හදිස්සියේවත් සල්ලි ලැබෙන කෙනා එයාගේ Helapay එකට Bank Account එක Connect කරගෙන නැත්නම් එයාට මෙහෙම පෙන්වනවා.

මේ විදියට සල්ලි යවන එක මෙච්චර ලේසි වෙන්නේ ඇයි දන්නවද?

ඔයා සල්ලිය් යවපු අයගේ History එක මේ විදියට Helapay තුළ බලා ගන්න පුළුවන් වෙනවා. ඒනිසා නැවත සැරයක් සල්ලි යවනකොට Contact List එකෙන් Select කර කර ඉන්නේ නැතුව කෙලින්ම මෙතනින් සල්ලි යවන කෙනා තෝරගන්න පුළුවන්.

මෙහෙම කාට හරි සල්ලි යවපු විස්තර, සල්ලි ආපු විස්තර එකම තැනක Chat History එකේ Maintain වෙන නිසා ඔයාට ආයේ මේ දේවල් කොළවල ලියාගෙන තියාගන්න දෙයක් නැහැ. මෙන්න මේ නිසා තමයි Helapay Chat හරහා මුදල්‍ යවන එක මෙච්චරම සරල වෙන්නේ.

මේ සඳහා ඕනෑම බැංකුවකින් ඕනෑම බංකුවකට මුදල් හුවමාරු කිරීමේදි එක්වරකට අය කරන සේවා ගාස්තුව රු. 20ක් වන අතර, ඔබට දිනකට උපරිම රු. 5000 බැඟින් වූ මුදල් හුවමාරු කිරීම් 10ක් කළ හැකිවනවා.

Bhasha Lanka ආයතනය මේ වගේ පියවරක් ගන්නේ, ලෝකේ අනිත් රටවල් මේ ඩිජිටල් ගෙවීම් ක්‍රම හරහා අත්විඳින පහසුව ලංකාවටත් හඳුන්වා දෙන්න ඕන නිසා. ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ අනුමැතිය යටතේ මේක සිදුවෙන නිසා මේ ක්‍රමය සරල වගේම, සුරක්ෂිත ද වනවා.


ඉතින් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය නව මානයකට ගෙන යන්න වෙර දරණ Bhasha Lanka Team එකට සුභ පතන ගමන්, මෙහි පහසුව අත්විඳින්න කියලත් Android වැඩකාරයෝ අපි ඔබට මතක් කරනවා.

All Image Source: Helakuru