Loading...
ඉහළ Coding හැකියාවක් ඇති AI Tool එක – Bayou

Coding වලදී අපිට උදව්වක් දෙන්න පුළුවන් app එකක් තිබ්බනම්! Code කරන අපි ඕන කෙනෙක් ජිවිතේ එක් වතාවක් හරි මෙහෙම හිතලා ඇති. ඉතින් මේ ආරංචිය අලුතෙන්ම කරළියට ආපු එහෙම tool එකක් ගැනයි. Bayou නමින් හැඳින්වෙන මෙය, Coding හා සම්බන්ධ deep learning tool එකක් විදියට තමයි නිර්මාණය වෙන්නේ. ඒ Rice University එකේ Intelligent Software Systems Laboratory එකේ පිරිසකගේ සාමූහික ප්‍රයන්තයක ප්‍රතිඵලයක් විදියටයි.

Google සහ DARPA සමාගම්වල අනුග්‍රාහකත්වයෙන් ගොඩනැගුණු මේ tool එක මුලින්ම ලෝකය හමුවට ඉදිරිපත් වුණේ deep learning research හා සම්බන්ධව 6 වන වරටත්, 2018 මැයි 1 වෙනිදා පැවැත්වුණු ‘International Conference on Learning Representations’ කියන සමුළුවේදී.

එහිදී මේ tool එක නිර්මාණය කළ team එකේ අදහස වුණේ පහුගිය වසර 60කට අසන්න කාලය පුරාවට විවිධ කණ්ඩායම් coding හා සම්බන්ධ tools නිර්මාණය කළත් මේ තරම් අවම මට්ටමේ user interaction එකක් සහිතව සාර්ථක code snippets ලබා දෙන්න පුළුවන් tool එකක්  නිර්මාණය නොවුණ බවයි. ඔවුහු පවසන ආකාරයට මේ හා සම්බන්ධව දැනට ලෝකයේ පවතින වෙනත් tools userගෙන් ඉතාමත් විශාල දත්ත ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා.

නමුත් මෙහි විශේෂත්වය වෙන්නේ userගෙන් ලැබෙන සුළු keywords ප්‍රමාණයක් මත code එක මොන විදියේ එකක්ද කියන කාරණාව තීරණය කරන්න මේ tool එකට හැකියාව තිබීමයි.

Bayou අපිට ලබා දෙන්නේ JAVA code එකක්. Tool එකේ Training session වලට අදාළව store වෙලා තියෙන JAVA programs වල API calls, library functions, types වගේ meta data විශේෂ ක්‍රමයකට label කරලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි Neural sketch learning කියන ක්‍රමවේදය යටතේ GitHub හි අන්තර්ගත codes 1500 ක පමණ රටාවන් මේ Bayou tool එක අධ්‍යනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉතින් user කෙනෙක් මේ tool එකට keywords input කළාට පසුව එය තමන් සතු, තමන් අධ්‍යනය කළ ඇති pattern එකකට ඒ user inputs ගලපාගෙන ඒ අනුව code snippets ලබා දෙන බව තමයි පැහැදිලි වෙන්නේ.

User inputs භාවිතා කරමින් ගොඩනගන උපකල්පන මත code segments 4 කට අසන්න ප්‍රමාණයක් userට ලබා දෙන්න තරම් automatic logical reasoning ability එකක් Bayou සතුව තියෙනවා. මෙහි ක්‍රියාකාරිත්වයත් හරියට අපිට web browser එකකින් results display කරනවා වගේ. Userට වඩාත්ම සුදුසු code segment එක මුලින්මත්, ඉන්පසුව user requirements satisfy කළ හැකි තවත් code segments කීපයකුත් userට display කරනු ලබනවා.

අනෙක් ප්‍රධාන කාරණාව තමයි අද වෙනකොට software development process එකත් එක්ක APIs ගැන සුවිශේෂී අවධානයක් යොමු කරන්න වෙලා තියෙනවා. මොකද code එකක් යම් යම් operating systems, databases, hardware සමග run කරන්න නම් APIs ගැන අවධනය යොමු නොකර බැහැ.

නමුත් ඉතින් APIs සිය ගණනක් පවතින අවස්ථාවක ඒවා සුදුසු පරිදි යොදා ගැනීම ඇත්තෙන්ම අභියෝගයක්! මේ හේතුව නිසා ගොඩක් developersලා තවත් developersලාගෙන් උදව් උපකාර බලාපොරොත්තුවෙන් stack overflow වගේ platformsවල පැය ගණන් ගත කිරීම හරිම සුලභයි. Bayou මේ ගැටලුවටත් සාර්ථක විසඳුමක් ලබාදෙනවා. APIs සම්බන්ධ ගැටලු වලට ඉතාමත් ඉක්මනින් සාර්ථක පිළිතුරක් ලබා දෙන්නට Bayouට හැකියාවක් තියෙනවා.

ඉතින් බොහෝ දෙනා පවසන ආකාරයට Bayou කියන්නේ coding සම්බන්ධව දැනට නිර්මාණය වී ඇති වැදගත්ම tool එකක්. ඉතින් මෙහි නිර්මාණ කණ්ඩායම වන විජයරඝවන් මුරලි, ලේටාඕ කි, ස්වාරත් චෞදරී සහ ක්‍රිස් ජෙරමයින් යන අයගේ එකම බලාපොරොත්තුව දැනට permissive open-source license එකක් යටතේ release කර ඇති මේ tool එක තව තවත් දියුණු කිරීමයි.

පහත videoව මගින් Bayouහි ක්‍රියාකාරිත්වය පිලිබඳව තවත් අවබෝධයක් ලබාගන්නට ඔබට හැකියාව ලැබේවි.