Loading...
අමතක නොවෙන්න links save කරගන්න ලංකාවෙන් එන අළුත්ම app එක, BitMagpie: Digital Side Pocket

Android වැඩකාරයෝ අඩවියෙන් අද මම අරන් ආවෙ වෙනස් විදියක ලිපියක්. මේ කතාව අපේ රටේ, අපේ කොල්ලෙක් හැදුව ඇප් එකක් ගැන. Android වැඩකාරයෝ කතෘ මණ්ඩලයේ අවධානය දිනාගන්න පුළුවන් වුණ විදියේ ඇප් එකක් කියන්නෙ අනිවාර්යයෙන් ඒක සුපිරි ඇප් එකක් විය යුතුයි. අපි බලමු, මොකක්ද මේ ඇප් එක සහ මොකක්ද මේකෙ විශේෂත්වය කියලා.

මේ ඇප් එකේ නම BitMagpie. නම ඉංග්‍රීසියෙන් තිබුණට මේක ලංකාවෙ කොල්ලෙක් ගෙ වැඩක්, ඒත් ලංකාවෙ කොල්ලෙක් නෙවෙයි, පිටරට සමාගමකින් හැදුව තරමට පිළිවෙලට, ලස්සනට තියෙන ඇප් එකක්.

අපි බලමු මේකෙන් මොකක්ද කරන්න පුළුවන් කියලා.

අපි දිනපතාම වගේ සමාජ මාධ්‍ය, එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා වල විවිධ අය සමඟ අදහස් හුවමාරු කරගන්නව. ඒ වගේම අන්තර්ජාලය නිතර භාවිතා කරනවා. මෙහෙම දිනපතාම අන්තර්ජාලය භාවිතා කරනකොට අපිට වැදගත් වෙන links අපිට නිතරම වගේ ලැබෙනවා. මේ links අපි තැන් තැන් වල සේව් කරගන්නවා. සමහරවිට වට්සැප් චැට් එකක, සමහරවිට ටෙලිග්‍රෑම් චැට් එකක, නෝට් පෑඩ් එකක, බුක්මාක්ස් වල. විවිධ විදියට මෙහෙම අපි සේව් කරගන්න links එකම තැනක පිළිවෙලට තියාගන්න පුළුවන් වුණා නම් සෑහෙන්න වටිනවා නේද?

අනික් දේ, අපේ ගැලරි එක නිතරම අනවශ්‍ය ඉමේජස් වලින් පිරිලා යනවා. මීම්ස් වගේ දේවල් අපි විවිධ සමාජ මාධ්‍ය වලින් සේව් කරගන්නවා. මේ ඉමේජස් ගැලරි එකේ අනික් ඉමේජස් එක්ක කලවම් නොකර, වෙනම තැනක පිළිවෙලට තියාගන්න පුළුවන් නම්? ඒකත් සෑහෙන්න වටින දෙයක් නේද?

තවත් දෙයක්, අපි කොහේ හරි තැනක ඉඳන් ලැප් එකෙන් ඉන්ටනෙට් එකට කනෙක්ට් වෙලා, විවිධ අඩවි වලට පිවිසෙනවා කියමුකො. එක්කො ඔෆිස් එකේ, එක්කො කැම්පස් එකේ, නැත්නම් යාළුවෙක් ගෙ ලැප් එකකින්, තමන්ගෙ ලැප් එකෙන් වුණත්, සමහරවිට අපිට ඔය වැදගත් වෙන සයිට්ස් ඕපන් වෙලා තියෙන අතරම අපි ලැප් එක වහලා දානවා. පස්සෙ අපිට ආයෙ ඒ පේජස් ඕන වුණාම ආයෙත් පණ දාගෙන සර්ච් කරන්න වෙනවා. මේ පේජස් වල links අපිට QR කෝඩ් එකක් ස්කෑන් කරලා ෆෝන් එකේ සේව් කරගන්න පුළුවන් වුණා නම්? හොය හොය ඉන්න දෙයක් නෑ නේ ද? ඒකත් වටින දෙයක් බව පැහැදිලි ඇති.

ඊළඟ දේ, අපි යාළුවෝ එක්ක Torrent link වගේ ඒවා ෂෙයා කරගන්නවනෙ. අපි හිතමුකො ටීවී සිරීස් එකක එපිසෝඩ්ස් 10ක් කියලා. මේ දහය බාගන්න ඕන කරන links දහයක් යවනවට වඩා, මේ links දහය එක පෙට්ටියකට ඔබලා එක link එකක් විදියට ෂෙයා කරගන්න පුළුවන් නම්? ගොඩක් පහසුයි නේද?

ඔන්න ඔය හැම දේටම පිළිතුර තමයි BitMagpie කියන අපේ කොල්ලෙක් හැදුව ඇප් එක. මේක හරියට පොකට් එකක් වගේ. ඔය ඇඳුම් වල තියෙන සයිඩ් පොකට් තියෙන්නෙ. අන්න ඒ වගේ. අපිට ඕන දේවල් මේ පොකට් එකට දාලා ඒවා ඕන වෙලාවට ආපහු ගන්න පුළුවන්. ඒ වගේම, මේ ඇප් එකේ තියෙනවා Boxes කියලා කන්සෙප්ට් එකක්. Box එකක් කියන්නෙ පෙට්ටියක්නෙ, අපිට පුළුවන් විවිධ වර්ග වල Boxes හදලා ඒවට අපිට අවශ්‍ය Links, Images දාලා තියන්න.

උදාහරණයක් විදියට, New Films to Watch කියලා බොක්ස් එකක් හදලා ඒකට අපි ළඟදි බලන්න බලාපොරොත්තු වෙන චිත්‍රපට ටිකක links දාලා තියන්න පුළුවන්. මං හිතන්නෙ දැන් වැඩේ තේරෙන්න ඇති.

ඊළඟට අපි බලමු ඇප් එක හැදුව කෙනා ගැන.

මේ ඇප් එක හැදුව මල්ලිගෙ නම, රවීන් හේවගේ. රවීන් මල්ලි ගැන ටිකක් කතා කළොත්, ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාලයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න, පරිගණක භාෂාවන් එහෙමත් තනිවම ඉගෙනගෙන, තොරතුරු තාක්ෂණය අතිනුත් ඉහළ දැණුමක් තියෙන කෙනෙක්.

පෞද්ගලිකව මම මේ ඇප් එක භාවිතා කළාට පස්සෙ මට තේරුණ දේ තමයි, මේක Browser Bookmarks වලට වඩා ගොඩක් හොඳ සහ පහසු ක්‍රමවේදයක් කියන එක. ටික දවසක් BitMagpie පාවිච්චි කළොත්, ඔයාටම තේරෙයි මේකෙන් අපේ වැඩ කොච්චර පහසු කරනවද කියලා. ඉතින්, තවත් බල බල ඉන්න දෙයක් නෑ, දැන්ම Play Store එකට ගිහින් ඉන්ස්ටෝල් කරගන්න. Play Store එකේ Rating එකක් දෙන්න. අපේ කොල්ලෙක්ගෙ වැඩකට උදව්වක් දෙන්න. ඇප් එක පාවිච්චි කරලා බලලා මේ ඇප් එක ගැන අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න, අපේ community එකට එන්න.

නැවත අලුත් ලිපියක් එක්ක මුණගැහෙමු. ඔබට ජය!