Loading...
Xiaomi සමාගම විසින් Black Shark 4 Gaming දුරකතන මාලාව එලි දැක්වීමට කටයුතු කරයි

Black Shark කියන්නෙ Xiaomi සමාගම යටතේ නිකුත් කරනු ලබන gaming smartphone series එකක්.

මෙම series එකෙහි මුල්ම දුරකථනය ලෙස Black Shark දුරකථනය එලිදක්වනු ලැබූ අතර පසුව Black Shark Helo, Black Shark 2, Black Shark 2 Pro, Black Shark 3, Black Shark 3 Pro, Black Shark 3S ආදී පිලිවෙලින් ඔවුන් 2020 වසර දක්වා දුරකථනයන් එලිදක්වනු ලැබුවා.

ඒ අනුව 2021 වසරේදී ඔවුන් ගේ නවතම දුරකථන යුගලය වන Black Shark 4 හා Black Shark 4 Pro දුරකථන එළිදැක්වුණා.

අප මෙම ලිපියෙන් එම දුරකථන දෙක අතුරින් Black Shark 4 Pro දුරකථනය පිළිබදව කෙටියෙන් විමසා බලමු.

Display

මෙම දුරකථනයට අගල් 6.67 ක Super AMOLED display එකක් ද එහි resolution එක 1080 x 2400 කි. මේ display එකට 144 Hz  ක refresh rate එකක් සහ 85.8% ක screen to body ratio එක තිබෙනවා.

Chipset, Ram, Storage

Black Shark 4 Pro බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 888 5nm flagship processor එකෙන්.

මෙහි Ram එක සහ Storage එක අනුව මාදිලි 3 කින් මිලදී ගන්න පුලුවන්. එනම්, 256GB Storage එකක් සමග 8GB RAM , 256GB Storage එකක් සමග 12GB RAM හා 512GB Storage එකක් සමග 16GB RAM ආදී ලෙසින්.

නමුත් micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවක් නම් ලැබෙන්නේ නෑ.

OS

මෙහි මෙහෙයුම් පද්ධතිය Android 11 මූලික කරගෙන නිර්මාණය වුණු Joy UI 12.5 වේ.

Battery

Black Shark 4 Pro හි battery එක විදියට Li-Po 4500 mAh, non-removable battery එකක් සහ 120W fast charging පහසුකමත් ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට මෙම battery එක මිනිත්තු 15 කින් බැටරිය සම්පූර්ණයෙන් අරෝපණය කරගැනීමේ හැකියාවක් පවතිනවා.

Camera

මෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 64-megapixel primary wide angle camera එකකිනුත් 8-megapixel ultra wide camera එකක් හා 5-megapixel macro camera ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 4K videos 60fps දක්වාත් 1080p videos 960fps දක්වාත් Record කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි selfie camera එක විදියට 20 MP, f/2.5 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන් අතරමේ එයට 1080p video 30fps වලින් record කිරීමේ හැකියාව පවතිනවා.

Sensors

මීට අමතරව sensors විදියට Side Mounted Fingerprint, accelerometer, gyro, proximity, compass යන sensors  මෙම device තුළ අඩංගු වෙනවා.

Price

Black Shark 4 Pro දුරකථනයේ 8GB/256GB model එක ආසන්න වශයෙන් $615 ක්, 12GB/256GB model එක ආසන්න වශයෙන් $691 ක් සහ 16GB/512GB model එක ආසන්න වශයෙන් $813 මිලකට චීනය තුළ නිකුත් උනා.

Source: Gadgets360