Loading...
Huawei රැකගැනීම සඳහා චීනය Qualcomm සහ Apple සමාගම් වලට එරෙහි වෙයි

Huawei සමාගමට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය දැන් අවුරුද්දකටත් වඩා වැඩි කලක් තිස්සේ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. පසුගිය සතියේ මෙය වඩා වැඩි වශයෙන් කතා බහට ලක්වූයේ Huawei සමාගමට එරෙහිව ඇමරිකාව විසින් පමුණුවා ඇති තහනම තවත් වසරකින් දීර්ඝ කිරීමට ගත් තීරණයත් සමඟයි. තත්වය තවත් දරුණු අතට හරවමින්, ලොව පුරා පවතින Chip නිෂ්පාදන සමාඟම් අත්පත් කර ගැනීම ඉලක්ක කරගෙන Huawei සමාගමේ Chip සැපයුම් දාමය කපා හැරීමට ඇමරිකාව ඉඩ ලබා දී තිබේ.

චීනය විසින් ඔවුන්ගේ රටේ සමාගමකට එරෙහිව ගත් මෙම තීරණය වෙනුවෙන් පළිගැනීම සඳහා ඇමරිකානු ආයතන සඳහාද අලාභ හානි සිදු කිරීම ආරම්භ කර ඇත. Global Times පුවත් සේවය වාර්තා කරන ආකාරයට චීනය විසින්, සමහර ඇමරිකානු සමාගම් "විශ්වාස භංග වූ ලැයිස්තුවකට" (විශ්වාස කළ නොහැකි සමාගම් ලෙස) ඇතුළත් කර ඇත. එම සමාගම් අතර Apple, Qualcomm ආදී ජංගම උපාංග නිෂ්පාදන සමාඟම් මෙන්ම Cisco සහ Boeing වැනි සමාගම් ද ඇතුළත් කර ඇත.

Apple සහ Qualcomm යන සමාගම් දෙකටම චීන වෙළඳපල අතිශය වැදගත් ය. 2020 වසරේ පළමු කාර්තුවේ Apple සමාගමේ විකිණී ගිය දුරකථන වලින් හයෙන් පංගුවක් පමණම චීන වෙළඳපල වෙත විකිණී ඇත. Apple සමාගමේ මෙම වසරේ පළමු කාර්තුවේ මුළු ආදායමෙන්  14.8% ක් පමණ ලබාගෙන ඇත්තේ චීනයෙනි. එමෙන්ම, Apple සමාගමේ වැඩිම කර්මාන්තශාලා පිහිටි රට වන්නේද චීනයයි.

Qualcomm සමාගම අතින් බැලීමේදී, ඔවුන්ගේ 5G වෙළඳපල ව්‍යාප්ත කරගැනීමට නම් චීනයේ සහාය අත්‍යවශ්‍ය කාරණාවකි. චීනයේ පිහිටි උපාංග නිෂ්පාදන සමාගම් සමඟ Qualcomm සමාඟම බොහෝ ගිවිසුම් වලටද එළැඹී ඇත.

චීනය ඇමරිකානු සමාගම් වලට එරෙහිව ගන්නා පියවර

චීනය මේ සඳහා කුමන ක්‍රියාමාර්ග ගනීවි දැයි අපැහැදිලි නමුත්, Global Times පුවත් සේවයට ලද ආරංචි මාර්ග වලට අනුව චීනය විසින් ඔවුන්ගේ අයුතීන් රැකගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනු ඇතැයි සඳහන් වේ. ඇමරිකානු සමාගම් වලට එරෙහිව සීමාවන් පැනවීම හෝ පරීක්ෂණ දියත් කරනු ඇතැයි ද සඳහන් වේ.

“චීනය මේ සඳහා කුමන ක්‍රියාමාර්ග ගනීවි දැයි අපැහැදිලි නමුත්, Global Times පුවත් සේවයට ලද ආරංචි මාර්ග වලට අනුව චීනය විසින් ඔවුන්ගේ අයුතීන් රැකගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනු ඇතැයි සඳහන් වේ. ඇමරිකානු සමාගම් වලට එරෙහිව සීමාවන් පැනවීම හෝ පරීක්ෂණ දියත් කරනු ඇතැයි ද සඳහන් වේ. ආරංචිමාර්ග වල තවදුරත් දැක්වෙන්නේ, අවසනදී එම සමාගම් වල ආදායම චීනය විසින් අත්පත් කරගනු ඇති බවයි.

මේ අතර, චීන විදෙස් ඇමති වරයා ඇමරිකානු ජනාධිපති වරයාගෙන් ඉල්ලා ඇත්තේ Huawei වැනි චීන සමාගම් වලට එරෙහි. අසාධාරණ මර්දනය කිරීම් නවතන ලෙස ය. එතුවා මාධ්‍යට ප්‍රකශ කර ඇත්තේ චීනය ඔවුන්ගේ සමාගම් වල නෛතික අයිතීන් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වන බවයි.

චීනය විසින් කිසිම ආකාරයක ඇමරිකානු විරෝධී ප්‍රකාශයක් දැනට සිදු කර නැත. Nikkei Asian Review අඩවිය වාර්තා කර ඇති පරිදි, ට්‍රම්ප් ගේ නියෝග අනුව යමින්, දැනටමත් ලොව විශාලතම චිප නිෂ්පාදක සමාගම වන TSMC (Taiwan Semiconductor Manufacturing Co.) ආයතන විසින් Huawei සමාගමේ ඇණවුම් භාරගැනීම නවතා දමා ඇත. එබැවින්, මේ සඳහා චීනයේ ප්‍රතිචාරය ඉක්මනින්ම අපේක්ෂා කළ හැක.

Covid-19 වෛරස තත්වය නිසා දැනටමත් ඇදවැටී ඇති ස්මාට් ජංගම දුරකතන නිශ්පාදනය මෙම ඇමරිකා - චීන අර්බුදය හමුවේ තව තවත් පහළට වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට පෙනී යන ආකාරයට, මෙම ක්‍රියාවන් නිසා නරක ප්‍රතිඵල අත්වන්නේ පාරිභෝගිකයාට බව පෙනී යයි.