Loading...
Ransomware attack එකකට ලක්වූ Cyberpunk 2077 නිපදවූ CD Projekt ආයතනයේ දත්ත අන්තර්ජාලයට

CD Projekt ආයතනය අද දින අනතුරු ඇඟවීමක් දක්වමින් පවසා සිටියේ ඔවුන්ට පෙබරවාරි මාසයේ සිදු වූ Ransomware Attack එකේදී සොරකම් කරන ලද අභ්‍යන්තර දත්ත අන්තර්ජාලයේ සංසරණය වන බවයි.

පසුගිය පෙබරවාරියේදී, CD Projekt ආයතනය Ransomware ගණයේ ප්‍රහාරයකට ලක් වූ අතර එමඟින් උපාංග Encrypt කිරීමට පෙර Source Code සහ ව්‍යාපාරික දත්ත සොරකම් කිරීමට හැකර්වරුන්ට ඉඩ ප්‍රස්තාව ලැබුණි.

අද ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රකාශයක CD Projekt ආයතනය පවසා සිටියේ,
මෙම සොරකම් කරන ලද දත්ත මේවන විට සංසරණය වන බව ඔවුන් දැනගෙන ඇති අතර ඔවුන්ගේ සේවකයින් හා කොන්ත්‍රාත්කරුවන්ගේ තොරතුරු මේ අතර ඇතුළත් විය හැකි බවයි.

"අපගේ Games වලට අදාළ දත්ත වලට අමතරව වර්තමාන/හිටපු සේවක සහ කොන්ත්‍රාත්කරුගේ තොරතුරු මේවා අතර ඇතුළත් විය හැකි යැයි අප විශ්වාස කළද, සැක සහිත දත්තවල නිශ්චිත අන්තර්ගතය අපට තවම තහවුරු කිරීමට නොහැකි වී ඇත. තවද, මෙම දත්ත සම්බන්ධයෙන් වන උල්ලංඝනය කිරීම් හා පසු අවුල් සහගත තත්වයන් ඇතිවීමට ඉඩ ඇති බවයි." CD Projekt නව Security Breach යාවත්කාලීන කිරීමකදී මෙසේ පැවසීය.

"දැනට අපි පෝලන්තයේ සාමාන්‍ය පොලිස් මූලස්ථානය ඇතුළු සේවා විශේෂඥයින් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල පුළුල් ජාලයක් සමඟ එක්ව කටයුතු කරමින් සිටිමු. අපි Interpol සහ Europol සම්බන්ධ කර ගත්තෙමු. අප පෙබරවාරි මාසයේදි පෞද්ගලික දත්ත ආරක්ශණ සභාපති සමඟ බෙදාගත් තොරතුරු, ආරක්ෂණ කාර්යාලයේ (PUODO) ද යාවත්කාලීන කර ඇත."

CD Projekts ජාලය Breach කර Cyberpunk 2077, The Witcher 3, Gwent යන නි Games වල Source Code සොරකම් කළ බවට චෝදනා එල්ල වන්නේ "Hellokitty" නම් කප්පම් මෘදුකාංග මෙහෙයුමකට වේ. Game code එකට අමතරව, ගිණුම්කරණ, පරිපාලන, නෛතික, මානව සම්පත් සහ ආයෝජක සබඳතා සම්බන්ධ ලියකියවිලි ද ඔවුන් සතුව ඇතැයි පැවසේ.

මෙම වර්තමාන සිදුවීමට වගකිව යුතු යැයි සැලකෙන නව Hacker කණ්ඩායම "PayLoad Bin" ලෙස හඳුන්වන අතර ඔවුන්ව මීට පෙර "Babuk Locker" ලෙස හඳුන්වා ඇත. CD Projekt games සඳහා සම්පූර්ණ Source Code එක යැයි කියනු ලබන දෙයක් මෑතකදී ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර එය 364GB ක දත්ත වලින් සමන්විත වේ.

Hellokitty ransomware කල්ලිය පෙබරවාරි මාසයේ දී CD Projekt ආයතනයේ දත්ත විකුණා ඇති බව කියා සිටි අතර මෙම වෙනස් ආකාරයේ තර්ජන එල්ල කරන නව Hacker කණ්ඩායම එය ලබාගත්තේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත.

Source: Bleeping Computers, Techradar