පසුගිය නොවැම්බර් 8වන දින වරින් වර ChatGPT සේවාව ලොව පුරා බිඳ වැටීමකට ලක්වූවා. මෙය එදින දී යම්තාක් දුරකට අඩුවූවත් මේ වන තෙක්ම එහි API හරහා සේවාව භාවිතා කරන විට යම් යම් ආකාරයේ බිඳ වැටීම් සිදුවනු ලබන බව status.openai.com වෙබ් අඩවියේ දත්ත මඟින් නිරූපණය වනවා.
OpenAI සමාගම විශ්වාස කරන්නේ මෙම බිඳ වැටීම්වලට DDos Attack එකක් විය හැකිබවයි. DDos Attack එකක් යනු සරලව කිවහොත්, වෙනත් පාර්ශවයක් විසින් සේවාදායක පරිගණකයට දැරිය නොහැකි පරිදි කෘතිමව නිර්මානය කරන ලද පරිශීලකයන් බොහෝ පිරිසක් එකවර විවිධ මූලාශ්‍ර වලින් ඇතුළු කිරීමයි.

DDos Attack පිළිබඳව අප ගෙන සවිස්තරාත්මක ලිපිය මෙතනින් කියවන්න.
OpenAI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tweet එකක් පළ කරමින් ඔවුන් සඳුදා දින සිට සියලුම පරිශීලකයන් සඳහා පිවිසිය හැකි පරිදි පත් කිරීමට උත්සහ දරන නමුත් මෙතෙක් එය සිදු කරගැනීමට නොහැකි වූ බවයි. මන්දයත් මෙය ChatGPT සේවාව වෙත බලපෑ ප්‍රථම DDos Attack එක නිසාවෙනි.
usage of our new features from devday is far outpacing our expectations.
— Sam Altman (@sama) November 8, 2023
we were planning to go live with GPTs for all subscribers monday but still haven’t been able to. we are hoping to soon.
there will likely be service instability in the short term due to load. sorry :/
ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Source: beebom.com