Loading...
Deep Web සහ Dark Web - අන්තර්ජාලයේ අපි නොදන්න කතාව

අන්තර්ජාලය කියන එක ඇහුන ගමන්ම අපේ ඔලුවට එන්නේ විශ්වය. ඒ මොකද අන්තර්ජාලයත් විශ්වය වගේ සීමාව මෙතක් යැයි පැවසීමට බැරි තරම් විශාල දෙයක්. සරලවම අන්තර්ජාලය ‍යනු එකිනෙකට සම්බන්ධිත ජාලයන්ගේ එකතුවකි. මේ මතුපිටින් පෙනෙන fantasy එකෙන් එහාට ගිහින් අන්තර්ජාලය දෙස බැලුවොත් ඇත්තටම අන්තර්ජාලයේ කොටස් 2ක් ලෙසට බෙදා දැක්විය හැකිය.

  1. Surface Web
  2. Deep web

මේ දෙක වෙන් වෙන්නේ Routing method වගේ ගොඩක් facts නිසා. Surface Web (also called the Visible Web, Indexed Web, Indexable Web) එක අපිට ඕනිම browser එකක් use කරලා access කරන්න පුලුවන්. අපි අපේ එදිනෙදා ජීවිතයේදී වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ අන්තර්ජාලයේ මේ කොටස පමණයි. උදාහරණ විදිහට Facebook, YouTube, Wikipedia, eBay දක්වන්න පුලුවන්.

Deep web (also called the invisible web or hidden web) කියන්නේ non-index based sites. ඒ කියන්නේ browser එකකින් access කරන්න බැරි sites. උදාහරණ විදිහට Bank data base, Military information දක්වන්න පුලුවන්. නමුත් සමහර Deep web sites අපිට browser එකකින් access කරන්න පුලුවන් නමුත් එක ඕනෑම Browser, Search engine එකකින්ම access කරන්න බෑ. ඒකට හේතුව මේකෙදි index based නොවීමයි. මෙහි බොහෝ web pages ගතිකව ජනනය වී හෝ වෙනත් වෙබ් අඩවි වලින් ලින්ක් වී නොමැත.

Indexed website වල links නොමැති නිසා තමයි Search engine එකකට මේ websites සොයාගන්න බැරි වෙන්නේ. Tor browser, Grams search engine වගේ විශේෂ tools වලින් අපිට සමහර deep web sites access කරන්න පුලුවන් හැකියාව තිබෙන නමුත් ඒ අතිශය සුලු deep website කීපයකට පමනයි. දැනට විශේෂඥයන්ගේ මතය නම් Deep Web එක අන්තර්ජාලයේ අනෙක් කොටස් දෙකටම වඩා ඉතා විශාල බවයි.

Dark web (Dark net) කියන්නේ Deep web එක ඇතුලේ තියන Onion Routing උඩ run වෙන එකක්. Dark web තුල ඇති information අර්ථ දැක්වීමට හෝ පාලනය කරීමට කිසිම Rules and regulations හෝ content policies නොමැත. Dark web යනු සියලු ආකාරයේ තොරතුරු වල නිවහන වන නමුත් නීති විරෝධී කාමුක දර්ශන, Black markets drugs විකිණීම, නීති විරෝධී අවි විකිණීම, නීති විරෝධී ලෙස අත්පත් කරගත් පරිශීලකයින්ගේ දත්ත ගබඩා වැනි පුළුල් නීති විරෝධී අන්තර්ගතයන් පැතිරීම නිසා එය නරක නමක් දිනා ඇත.

මෙම නීති විරෝධී ස්වභාවය නිසාම dark web එක අපරාධකරුවන්ට සුදුසු ස්ථානයක් බවට පත් කරයි. කෙසේ වෙතත්, එය අපරාධකරුවන් සඳහා පමණක් නොවේ. උදාහරණ වශයෙන් ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ අනන්‍යතාව අවදානමට ලක් නොකර මූලාශ්‍රවලින් තොරතුරු එක්රැස් කිරීම සඳහා භාවිතා කළ හැකිය, Dark web මඟින් පුද්ගලයන්ට පෞද්ගලිකත්වය පවත්වා ගැනීමට හා ඔවුන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට වේදිකාවක් වේ.

කවුරු හරි Dark Web යනවා නම් මම නම් recommend කරන්නේ හොද firewall එකක් තියෙන pc එකකින් Tails වගේ Linux OS එකක් Live boot කරලා Secure VPN එකක් හරි Proxy එකක් දාගෙන යන එක. දැනට මම දකින Secureම method එක තමයි ඒක. මීට අමතරව තව Dark Web යන්න පුලුවන් methods ගොඩක් තියෙනවා. ඒ ක්‍රම භාවිතා කරද්දී හොදට හිතලා බලලා භාවිතා කරන්න.

Dark web surf කරන එක නීති විරෝධී නොවේ, නමුත් මෙහි ඇති නීති විරෝධී භාණ්ඩ හෝ සේවාවන් මිලදී ගැනීම නීති විරෝධීවේ. Dark web කියන්නේ අපේ හිතේ තියෙන කුතුහලය නිසා යන්න ඕනි තැනක් නම් නෙවෙයි. එතනදි අපි ගොඩක් ආරක්ෂා වෙන්න ඕනි. නැත්නම් අපිට විශාල හානියක් වෙන්න පුලුවන්. මෙහි අපට ඇති ප්‍රධානතම තර්ජන Malicious software, Government monitoring, Scams ලෙස ඉතාම සරල ලෙස කැටි කර දක්වන්න පුලුවන්. අවදානම දැනගෙන සුරක්ෂිතව surf කරොත් කියන තරම් යකා කලු නොවෙන්නත් පුලුවන්.

Dark web හෝ වෙනත් ආකාරයකින් අන්තර්ජාලය ඔස්සේ ඔබට යම් කිසි ප්‍රහාරයක්, තර්ජනයක් හෝ බලපෑමක් සිදු වූයේ නම් ඒ පිලිබඳව පහත ආයතන වලට වාර්තා කරන්න.

SL CERT - https://www.cert.gov.lk/report_incident.php

First.org - https://www.first.org/