පසුගිය වසරේදී Dialog සමාගම විසින් ඔවුන්ගේ Fiber ජාලය පාරිභෝගිකයින් සඳහා රු.12500.00ක සම්බන්ධතා ගාස්තුවක් සමඟින් හඳුන්වා දීමට කටයුතු කළ අතර ඒ සමඟින් Quota Based සහ Speed Based ලෙසින් Fiber පැකේජයන් 6ක් හඳුන්වා දෙනු ලැබුවා.
මේ වන විට Dialog සමාගම විසින් ඔවුන්ගේ Fiber ආවරණය තවත් පුළුල් කර තිබෙනවා. ඒ පිළිබඳව වැඩි විස්තර මෙතනින් බලන්න.
පසුගිය දිනක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඔස්සේ ඔවුන් නව Speed Based Fiber පැකේජයන් 04ක් සඳහා අවසර ලබා ගෙන තිබෙනවා.

- 100Mbps පැකේජය
බදු රහිතව රු.7850.00 මුදලකට ලබා දෙන මේ පැකේජය ඔස්සේ 100Mbps දක්වා වු අන්තර්ජාල වේගයක් ලබා දෙනවා. දින 30ක කාලයක් සඳහා වලංගු වන මෙය සඳහා Unlimited Data ප්‍රමාණයක් ලැබෙනවා. - 300Mbps පැකේජය
බදු රහිතව රු.14850.00 මුදලකට ලබා දෙන මේ පැකේජය ඔස්සේ 300Mbps දක්වා වු අන්තර්ජාල වේගයක් ලබා දෙනවා. දින 30ක කාලයක් සඳහා වලංගු වන මෙය සඳහා Unlimited Data ප්‍රමාණයක් ලැබෙනවා. - 600Mbps පැකේජය
බදු රහිතව රු.27850.00 මුදලකට ලබා දෙන මේ පැකේජය ඔස්සේ 600Mbps දක්වා වු අන්තර්ජාල වේගයක් ලබා දෙනවා. දින 30ක කාලයක් සඳහා වලංගු වන මෙය සඳහා Unlimited Data ප්‍රමාණයක් ලැබෙනවා. - 1000Mbps පැකේජය
බදු රහිතව රු.39850.00 මුදලකට ලබා දෙන මේ පැකේජය ඔස්සේ 1000Mbps දක්වා වු අන්තර්ජාල වේගයක් ලබා දෙනවා. දින 30ක කාලයක් සඳහා වලංගු වන මෙය සඳහා Unlimited Data ප්‍රමාණයක් ලැබෙනවා.
එමෙන්ම මේ නව පැකේජයන් 04 සඳහාම මාසික අනිවාර්ය ගාස්තුවකින් තොරව Voice Call පහසුකම අවශ්‍ය නම් ලබා ගත හැකි අතර පහත ආකාරයෙන් තත්පරයට අය කිරීමේදී මිනිත්තුවට රු.1.80ක් ද හෝ මිනිත්තුවට අය කිරිමේදී මිනිත්තුවට රු.1.50ක් ලෙස ද ඇමතුම් සඳහා අය කරනු ලබනවා.