Loading...
Dialog සමාගම විසින් ඔවුන්ගේ Fibre පැකේජයන් ප්‍රකාශයට පත් කරයි

Dialog පාරිභෝගිකයන් බොහෝ කලක සිට අපේක්ෂාවෙන් සිටි Fibre Package පිළිබඳ තොරතුරු ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙහි පළ කර තිබෙනවා.


මීට පෙර Dialog Fibre සබඳතා ලබා ගැනීමට හැකි වූයේ ව්‍යාපාර සඳහා පමණක් වූ අතර දැන් ඕනෑම පාරිභෝගිකයෙකුට Dialog Fibre සබඳතාවක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි මූලික ගාස්තුව රු. 12 500ක් වන තර Quota Bases සහ Speed based වශයෙන් පැකේජ වර්ග දෙකක් අඩංගු වනවා. ඒවායේ මිල ගණන් පහත පරිදි වේ.

මෙහි පැකේජ 100GB, 200GB, 300GB ලෙසින් සමන්විත වන අතර ලබා ගත හැකි උපරිම වේගය 200Mbps වනවා.

මෙම Speed Based පැකේජ වල ලැබෙන Data Quota එක Unlimited වන අතර මෙහි මිලෙන් ඉහළම පැකේජය මඟින් ලබා ගත හැකි වේගය 200Mbps වනවා.

Fibre සබඳතා සමඟ ලබා ගත හැකි Dialog Television පැකේජ වල විස්තර පහත පරිදි වන තර මෙහි විශේෂත්වය වන්නේ Fibre සබඳතා හරහා HD Quality එකෙන් යුතු Television Channels නැරඹීමට හැකි වීමයි.


මේ පිළිබඳ වැඩිදුර තොරතුරු Dialog පාරිභෝගික සහය ඔස්සේ දැන ගැනීමට හැකි වනවා.

Source: dialog.lk
මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.