Dialog Axiata PLC යන ලංකාවේ ජංගම දුරකතන සහ අන්තර්ජාල සේවා සපයන ප්‍රමුඛපෙලේ ආයතනයකි. එමෙන්ම ලංකාවේ වඩාත් දියුණු මෙන්ම වඩාත්ම පැතිරුණු 4G සේවා ජාලයට හිමිකම් කියන්නේද Dialog ආයතනයයි.
Dialog ආයතතනය විසින් තම Home broadband පාරිභෝගිකයන්ට, තම පැකේජයට ලබා දී ඇති දත්ත ධාරිතාවය අවසන් වූ පසුව ලබා ගන්නා අතිරේක දත්ත හෙවත් Data add-ons සඳහා 100%ක බෝනස් දත්ත ලබා දීම සිදු කරනු ලැබුවා.
අද දිනයේ මාගේ පැකේජයේ ඇති දත්ත පරිමාව අවසන් වූ පසු සුපුරුදු පරිදි අතිරේක දත්ත ලබා ගැනීමෙන් පසුව දක්නට ලැබුනේ වෙනදා මෙන් බෝනස් දත්ත ප්‍රමාණය එකතු වී නොතිබුණු ආකාරයයි.
මේ පිළිබඳව Twitter පණිවිඩයකින් විමසා සිටීමෙන් පසු Dialog ආයතනය පවසා සිටියේ ඔවුන් විසින් පසුගිය සැප්තැම්බර් 30 වන දින සිට ලබා ගන්නා අතිරේක දත්ත සඳහා බෝනස් දත්ත ලබා දීමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු අවසන් වූ නිසා එදින පටන් ඉල්ලුම් කරන අතිරේක දත්ත ප්‍රමාණය පමණක් ලබා දෙන බවයි.
Hi Thimira, සමාවන්න එම offer එක September 30න පසු අවලංගු වූ බව කරුණාවෙන් සලකන්න.
— Dialog Axiata (@dialoglk) October 9, 2020
^SAJI
අරපිරිමැස්මෙන් ඔබගේ දත්ත පරිහරණය කරන්න.