Loading...
4G සහ LTE කියන්නේ එකක්ද? 4G සහ LTE පිළිබඳ සවිස්තරාත්මක විමසුම

අපි බොහෝ දෙනා භාවිතා කරන 4G සහ LTE යනු එක සමාන දෙයක් ලෙස සිතා සිටියත් ඇත්ත වශයෙන්ම 4G සහ LTE අතර කැපී පෙනෙන වෙනසක් තිබෙනවා. මෙහි වෙනස පවතින්නේ මෙම ජාල වල ක්‍රියාකාරීත්වය සහ අන්තර්ජාල වේගය අනුවයි. මෙම ලිපිය මගින් 4G සහ LTE ජාල අතර ප්‍රධාන වෙනස්කම් සහ සමානකම් විශ්ලේෂණය කර අවසානයේ වඩාත් ඵලදායි වන්නේ 4G ද නැතහොත් LTE ජාලය ද යන්න ඔබට අවබෝධ කරගත හැකියි.


4G යනු,

4G හි ඉතිහාසය දෙස බලන විට 2008 වසරෙදී ITU ගුවන්විදුලි සන්නිවේදන අංශය (ITU-R) විසින් නිකුත් කරන ලද නව ප්‍රමිතීන් තුළින් තත්පරයට අවම වශයෙන් මෙගාබිට් 100ක් දක්වා වේගය වැඩි දියුණු කිරීමට ISP සමාගම් වලට බල කර තිබෙනවා.  ඒහෙත් එකල, මෙම වේගය ළඟා කර ගත නොහැකි වූ අතර වසර කිහිපයකට පසු, බොහෝ ISP සමාගම් මේ 4G ජාලයට මාරු විය.

4G පෙර තාක්‍ෂණයෙන් කැපී පෙනෙන්නේ පැතිරුණු වර්නාවලි රේඩියෝ තාක්‍ෂණයේ (OFDMA) සිට බහු වාහක සම්ප්‍රේෂණයට මාරුවීම නිසාය. මෙය ඉතා ඉහළ Upload සහ Download කිරීමේ වේගයන්ගෙන් සමන්විත වූ අතර Games, වීඩියෝ, සමාජ මාධ්‍ය වැනි පුළුල් පරාසයක සේවාවන් වෙත ප්‍රවේශ වීමෙ හැකියාව ලැබුණි.

LTE

සමහර විට LTE, 4G LTE  ලෙස හඳුන්වනු ලබනවා, එය පරිශීලකයින් 4G භාවිතා කරන බව සිතීමට සලස්නනු ලබනවා. නමුත් එයත් ඇත්ත වශයෙන්ම LTE තාක්ෂණයයි, එනම් 3G තාක්ෂණයේම Extended Version එකකුයි.

4G තාක්ෂණය වේගවත්, වඩා විශ්වාසදායක සහ ස්ථාවර වන අතර සාමාන්‍ය LTE හා සසඳන විට ඉහළ Bandwidth එකකින් යුක්ත වෙනවා.

4G සහ  LTE අතර පවතින වෙනස

වේගය

LTE, 4Gට වඩා වේගවත්ද? අපි LTE හී ආරම්භය ගැන කතා කරන්නේ නම්, 4Gහි ආරම්භය හා සාපේක්ෂව ගත් කල සැලකිය යුතු ලෙස වේගවත් වේ. LTE ලබා දෙන්නේ තත්පරයට මෙගා බිට් 100(100 Mbps) පමණි, එහෙත් 4G තත්පරයට මෙගා බිට් 1000 (1000 Mbps) සීමාව දක්වා ලබා දෙයි.

Coverage එක

Coverage එක සම්බන්ධයෙන් ගත් කල, LTE, 4G හා සමානද, නැතහොත් Coverage එකෙහි වෙනසක් තිබේද? නව තාක්‍ෂණය එළිදැක්වීමත් සමග එය සෑම කෙනෙකුටම ක්ෂණිකව ලබා ගැනීමට හැකි නොවේ. මෑත කාලීනව 5G එලි දැක්වීමත් සමඟ අපට එය නිරීක්ෂණය කළ හැකිය විය. ඒ 5G තාක්‍ෂණය තිබුණත් 5G තාක්‍ෂණයට සහය නොදක්වන පැරණි උපාංග නිසා බොහෝ දෙනෙකුට එය භාවිතා කළ නොහැකි වීමත් නිසා ය.

බොහෝ ජංගම දුරකතන විසින් සහාය නොදක්වන 4G සඳහාද එයම සිදු විය, එය භාවිතා කරන්නන් එය භාවිතා කිරීම වළක්වා ඇත. LTE තාක්ෂණය පුළුල්ව පැතිරී ඇති අතර බොහෝ නවීන උපාංග ඒ හරහා ප්‍රවේශ වීම නිසා, තවමත් 4G භාවිතා කළ නොහැකි පුද්ගලයන් සිටිනවා.

Latency එක

Latency එක යන්නෙන් අදහස් කරන්නේ දත්ත ජාලය හරහා එහි ගමනාන්තයට ගොස් නැවත පැමිණෙන විට සිදුවන ප්‍රමාදයන්ය.

ඉතින්, Latency එක සම්බන්ධයෙන් 4G, LTE වලට වඩා හොඳද? LTE හි මිලි තත්පර 10 ට සාපේක්ෂව 4Gහි මිලි තත්පර 5 ක Latency එකක් යුක්ත වනවා. මිලි තත්පර ගැන සලකා බැලීමේදී එය විශාල අගයක් ලෙස නොපෙනේ, නමුත් පරිශීලකයින් Video Games Play කරන විට, Live Broadcast එකක් කරන විට හෝ වීඩියෝ ඇමතුමක් ගන්නා විට එය වඩාත් වැදගත් වේ.

Data usage එක

LTE සහ 4G සංසන්දනයේ තවත් තර්කයක් වන්නේ Data usage එකයි. 4G අන්තර්ජාල ප්‍රවේශය ලබා දීමට වැඩි Data ප්‍රමාණයක් භාවිතා කරයිද? එය වැරදි මතයක් වන අතර එය බොහෝ දුරට වරදවා වටහාගෙන ඇත.

4G ජාලය ඉතා Smooth ලෙස පරිශීලකයින්ට Video නැරඹීමට සහ Games Play කිරීමට ඉඩ සලසයි, එය පෙර LTE තාක්ෂණයන් සමඟ Smooth ලෙස කළ නොහැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පරිශීලකයන් අන්තර්ජාලය හරහා වැඩි කාලයක් ගත කරන අතර Mobile Data වැඩිපුර භාවිතා කරයි. කෙසේ වෙතත් ඔබ අන්තර්ජාලය හරහා එකම ක්‍රියාකාරකම් සිදු කරන්නේ නම් සහ උදාහරණයක් ලෙස ඕනෑම ජාලයක් භාවිතයෙන් 20MB යම් File එකක් Download කරන්නේ නම්, එය භාවිතා කරන්නේ 20MBක Data ප්‍රමාණයක් පමණයි. මෙහි එකම වෙනස වනුයේ File එක ඔබගේ Device එකට Download වීමට කොපමණ කාලයක් ගතවේද යන්නයි.


ඉදිරියේදී මෙවැනිම වූ බොහෝ තොරතූරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැදී සිටින්න.

Source: uctel.co.uk