Loading...
DJI Mavic 3 Proහි තොරතුරු අන්තර්ජාලයට නිකුත් වේ

November 15 රිලීස් වෙන්ඩ තියෙන  Dji Mavic 3Pro එකේ ලීක් වගයක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා. දැනට නිකුත් වෙලා තිබෙන ලීක් වලට අනුව කලින් වර්ශන් එකට වඩා සෑහෙන ඉම්පෲව් වගයක් මේකේ තියෙනවා. ප්‍රධානම ඉම්පෲව් එක ලෙස ගත්තොත් flight time එක ගන්ඩ පුලුවන්. Dji Mavic 3 Pro එකෙ flight time ලෙස සඳහන් වන්නෙ විනාඩි 46ක්. මේක Mavic 2Pro එකෙ තිබ්ච්ච විනාඩි 31ක කාලයත් එක්ක ගත්තාම සෑහෙන හොඳ ඉම්පෲව් එකක්.

දැන් අපි එමු කැමරාව පැත්තට. Mavic 3Pro ප්‍රධාන කැමරා දෙකකින් (Telephoto camera , wide angle camera) සමන්විත වන බව සඳහන් වනවා. මේ කැමරා දෙකෙහිම අනුසාරයෙන් Mavic 3Pro එකට 5.2k දක්වා විඩියො රෙකෝඩ් කිරිමෙ පහසුකමක් ඇතුලත් වනු ඇති බවය් සඳහන් වන්නෙ.

Lens specifications

  • Telephoto camera: 15-degree field of view, f/4.4 aperture, focus from 3m
  • Wide-angle camera: 84-degree field of view, f/2.8 aperture – f/11 aperture, focus from 1m

ඒ වගේම මේකේ Cine මොඩ්ල් එක ultra high-speed data cable එකක් සහා SSD එකක් සමග පැමිනෙනු ඇති බව තමා ලීක් වල සඳහන් වන්නෙ. ඒ වගේම මෙ Cine මොඩල් එකෙදි යූසර්ට 1Gbps වැනි වේගයකින් ඩේටා Transfer කරගත හැකි කියලද ලීකර්ස්ලා සඳහන් කරනවා.

ලීක් වල සඳහන් වන පරිදි DJI Mavic 3 Pro එකෙ Controler එකටත් අප්ග්‍රේඩ් බොහොමයක් එකතු කර ඇති බව තමා සඳහන් වන්නෙ. මෙ Controler එකෙහි අඩංගු වන DJI’s OcuSync video transmission technology මගින් 15KM රේන්ජ් එකක් දක්වා Real time video Transmit කරන්ඩ පුළුවන් බවත් ලීක් වල සඳහන් වනවා.

ඒ වගේම මෙ Controler එකෙහි අඩංගු වන built-in screen එක 1920×1080 pixels සහ 1000 nit brightness වලින් සමන්විත වන බව තමා ලීක් වල සඳහන් වන්නේ. ඒ වගේම මේ Controler එක 5000mAh 9.2V බැටරියකින්ද සමන්විත වන බව සඳහන් වනවා. මේ මගින් Controler එක පැය තුනක කාලයක් නොකඩවා භාවිතා කළහැකි භව තමා සඳහන් වන්නෙ.

මෙ ඔක්කොම එක්ක DJI Mavic 3 Pro එක ග්‍රෑම් 920g ක බරකින් හා DJI Mavic 3 Pro එකෙ start price එක ඩොලර් 1599$ වනු ඇති බවය් ලීක් වල සඳහන් වන්නෙ.

Source: DroneDJI