Loading...
DNS over https කියන්නෙ මොකක්ද?

අපි කලින් DNS ගැන කතා කළා, ඒ ලිපියේ අපි සරලව සාකච්ඡා කළා DNS කියන්නෙ මොකක්ද කියන එක.

කලින් ලිපියේ කතා කරපු විදියට, අපි කිව්වනෙ අපේ browser එකෙන් DNS server එකට web address එක යවලා ඒක IP ලිපිනයක් බවට පත් කරගන්නවා කියලා, මෙන්න මේ වැඩේදි DNS Server එක වෙත address එක යවන්නෙ plain text එකක් විදියට. ඒ කිව්වෙ කිසිම encryption එකක් නැතිවයි. HTTPS සයිට් එකකට වුණත් log වෙද්දි ඒකෙ වෙනසක් නෑ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති අතරමැදියෙක්ට මේක බලාගන්න පුළුවන්, මේකෙ ආරක්ෂාකාරී බව ගොඩක් අඩුයි කියන එක.

ඉතින් අපි ඒකෙ ආරක්ෂාකාරී බව වැඩි කරන්න DNS Over HTTPS කියන ක්‍රමවේදය යොදාගනිමු. මේ ක්‍රමයෙදි වෙන්නෙ HTTPS සඳහා භාවිතා වෙන SSL හෝ TLS ක්‍රමවේදය මඟින් DNS Request එක encrypt කරලා යවන එකයි. ඒ සඳහා සහාය දක්වන Browser එකක් සහ DNS Server එකකුත් මේකට අපිට ඕන වෙනවා. Browser එක විදියට මම නම් තෝරාගත්තේ Firefox. ඒකට හේතුව තමයි Firefox විසින් මේ ක්‍රමවේදයට සෘජුවම සහාය දැක්වීම. DNS Server එක විදියට කලින් අපි කතා කරපු AdGuard සේවාව ම භාවිතා කරමු.

මුලින්ම, Firefox Browser එක open කරලා දකුණු පස ඉහළ කෙළවරේ තියෙන Menu Button එක ඔබලා Preferences වලට යන්න. ඒ පිටුවේ පහළටම scroll කළාම තියෙනවා Network Settings කියලා කොටසක්, එතන Settings බොත්තම ඔබන්න.

එතකොට එන Connection Settings කියන Dialog Box එකේ පහලටම යන්න. එත තියෙන Enable DNS over HTTPS කියන වැකිය ඉදිරියෙන් tick එකක් දාන්න. Use Provider කියන සැකසුම ඉදිරියෙන් තියෙන Drop down menu එකෙන් Custom තෝරන්න. ඊට පස්සෙ, එතන පහළ Custom කියන Text box එකේ මෙන්න මේ ලිපිනය copy කරලා paste කරගන්න. https://dns.adguard.com/dns-query ඊට පස්සෙ, OK බට්න් එක ඔබලා Settings save කරගන්න. එච්චරයි කරන්න තියෙන්නෙ.

මීට අමතරව තව සැකසුම් කීපයක් කරන්න පුළුවන් about:config පිටුවෙන්, නමුත් ඒ දේවල් අපි වෙනම ලිපියකින් කතා කරමු, මොකද ඒකට අතගහන්න කලින් ටිකක් ඉගෙනගන්න එක හොඳයි ඒ ගැන.

අපේ Chrome පාරිභෝගිකයෝ ටික මේක හදාගන්න නම් යන්න ඕන chrome://flags/#dns-over-https මෙන්න මේ ලිංක් එකෙන් පිවිසෙන පිටුවට. මේක Address Bar එකේ copy කරලා paste කරගන්න. Secure DNS lookups කියන ඔප්ෂන් එක Enable කිරීමෙන් පුළුවන් DNS over HTTPS පහසුකම ක්‍රියාත්මක කරගන්න. තමන්ට අවශ්‍ය DNS Server එක ලබාදෙන්න විදියක් නැති නිසා, zdnet සයිට් එකේ තිබුණ මෙන්න මේ ක්‍රමය අත්හදා බලන්න. මම Chrome භාවිතාවක් නැති නිසාත්, Windows භාවිතය අවම නිසාත් මේක පරීක්ෂා කරලා බලන්න මට පුළුවන් වුණේ නෑ. මෙන්න ලිංක් එක. How to enable DNS-over-HTTPS (DoH) in Google Chrome

එහෙනම්, තවත් ලිපියකින් මුණගැසෙමු!