Loading...
Google සමාගම ඔයා ගැන කොච්චර දන්නවද?

කෙටියෙන් කිව්වොත් "ගොඩක්".  ඒක යැපෙන්නෙ ඔයාගෙ රහස්‍යතා සැකසුම් (Privacy Settings) මත.

Google ආයතනය ඔයා ගැන දන්න දේවල් විවිධාකාරයි. උදාහරණ වශයෙන්,

  • ඔයාගෙ Browsing History එක.
  • ඔයා යූ ටියුබ් ඔස්සෙ බලපු වීඩියෝ.
  • ඔයා අන්තරජාලය ඔස්සෙ මිලදී ගත් බඩු බාහිරාදිය.
  • ඔයා Location History

වගේ දේවල් Google ආයතනයට ලබාගැනීමට පුලුවන්. ඉතින් මේවා පොඩි වගේ  ඔයාට පෙනුනට මේවගෙන් උත්පාදනය කරගන්න පුලුවන් දත්ත ප්‍රමාණය විශාලයි.

හොයන්නේ බලන්නේ නැතුව එකඟ වෙන Terms & Conditions

අපි සාමන්‍යයෙන් කවදාවත් අලුත් Service එකක් හරි Software එකක් හරි ස්ථාපනය කරනකොට අදාළ සේවාවට අදාළ Privacy Settings නොහොත් රහස්‍යතා සැකසුම් ගොඩක් වෙලාවට කියවන්නෙ නෑනෙ. ඉතින් මේවට ඔයා එකග වෙනව කියන්නෙ ඔයා නොදැනුවත්වම හෝ දැනුවත්වම ඔයාගෙ දත්ත ගන්න අවසර දෙන එක කියල ඔයාලටම දැන් තේරෙනව ඇතිනේ.

ඉතින් දැන් ඔයාට පුදුම වෙන්න දෙයක් නෑනෙ Google ඔයාගෙ වයස , ඔයා ජීවත් වෙන තැන වගේ දේවල දන්නව කියල.

  • ඔයා Google මැප්ස් වල සොයපු ස්ථාන
  • ඔයා පාවිච්චි කරපු ඇප්ස් (ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ)
  • ඔයා බලපු YouTube Videos සහ ඒ ඇසුරෙන් ඔයාගෙ ආශාවන්.
  • ඔයා යවපු යවන්න ඉන්න Drafts Gmail පණිවිඩ සහ ෆයිල්ස්.

වගේ දේවල් මන් මුලින්ම කියපු ඒවගෙන් ගන්න පුලුවන් තොරතුරු කිහිපයක් කියන්න පුලුවන්.

Youtube recommended videos algorithm එක නිර්මාණය කල Guillaume Chaslot එය භාවිතා කිරීමෙන් වලකින ලෙස වරෙක ඉල්ලා සිටියා. ඒ ගැන ලිපිය කියවන්න මේ ලින්ක් එකට යන්න.

කොහොමද එහෙම වෙන්නේ?

ඉතින් ඔයාගෙ Location විස්තර ගැන කතා කරනවනම්, ඒක ඔයා ඉදපු තැන ගැන විතරක්ම නෙමේ. අදාළ දිනය, වෙලාව, ගමන් වෙලාව, කොච්චර වෙලාවක් අදාළ ස්ථානයේ ගත කලා ද, Google Fit වගේ එකක් යූස් කරනවනම් ඔයා තිබ්බ අඩි ගාන පවා, ඔයා එළියට බැහපු ඕනම වෙලාවක් සහ කොච්චර වෙලාවක්ද යන්න වගේ දේවලුත් ගබඩා වෙනවා.

ඒවගේම Google විසින් ඔයා දත්ත ලබාගැනීමට එකග වුන ඇප් වලින් කෙලින්ම කිව්වොත් ඔයා Spotify වගේ ඇප් එකක් යූස් කරනකොට ඒ හා අදාළ දත්ත වගේ ඒවත් collect කරන්න පුලුවන්.

Google Photos කියන්නෙ නොමිලේ ලබාදෙන ඉතා හොද Cloud Storage එකක්.
ඒත් මේ සේවාව තුලත් ඔයා ගේ පොටෝස් විතරක් නෙමේ ඒවට අදාළ දින ස්ථාන  වගේ දත්තත් දත්ත ගබඩාවක ගබඩා  වෙනවා.

Google එකට ඇයි මේ දේවල්?

ඉතින් ඒක ගැන කියනවනම් ඒක ඔයාවම ට්‍රැක් කරන්න කියල හදපු එකක්ම නෙමේ. මේ දත්ත යොදාගෙන තමා Google ආයතනය ඔයාට ගැලපෙන Ad වගේ දේවල් විවිද සේවාවන්(Ex.- YouTube Ads)ඔස්සෙ පෙන්නන්න පුලුවන් වෙන්නෙ.

මං කොහොමද Google එකෙන් මං ගැන දන්න දේවල් බලා ගන්නේ?

ඔව් පුලුවන් . මේකට ඔයා මේ ලින්ක් එකට ගිහින් ගන්න විදිහ බලන්න පුලුවන්.

ඉතින් දැන් ඔක්කොම Google සේවාවන් අතහරින එකද විසදුම?

නෑ. මොකද Google සේවාවන් සියල්ලගෙන්ම වගේ ඔයාට වෙන් වෙලා අන්තරජාලය තුල සැරිසරන්න අමාරුයි. ඔයාට ඔයාගෙ අන්තර්ජාල සෙවුම් වගේ දේවල් ට්‍රැක් වෙනවට අකමැති නම් duckduckgo වගේ සේවාවක් භාවිතා කරන්න පුලුවන්. කෙසේවෙතත් Google යනු අපි පාවිච්චි කරන ගොඩක් ඇප් සහ සේවාවන් භාවිතා කරන සේවාවක්.

අන්තර්ජාලය  තුල විශ්වාස කරන්න පුලුවන් කාවද?

ඒ වුනාට තාක්ශනය ගැන කතාකරනකොට ඔයාට ඔයාවම විතරයි විශ්වාස කරන්න පුලුවන්. ඒක නිසා ඔයා අතිශය පෞද්ගලික තොරතුරු අන්තරජාලයට ලබා දෙන්න එපා.උදාහරණයක් ලෙසා ඔයාගෙ අතිශය  පුද්ගලික photos ආදිය අන්තරජාල සේවාවල upload කරන්න එපා.

ඒත් ඔයා ගැන කිසිම දෙයක් තව එක්කෙනෙක් දැන ගන්නට හරි  ඔයාගෙ පුද්ගලිකත්වය ගැන ගොඩක් හිතනවනම් මට දෙන්න පුලුවන් විසදුම ඔයා ඉන්ටනෙට් හා සබැදි කිසිදු සේවාවක් පාවිච්චි කරන්න එපා. ඒතරමටම දත්ත කියන්නෙ අද කාලෙ ඉතා වටින දෙයක්.

මේ විදිහට අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය ගැන සහ Google සමාගම විසින් තමන්ගේ පරිශීලක දත්තයන් අවභාවිතා කල ආකාරය ගැන පැහැදිලි කරමින් සකස් කෙරුනු Android වැඩකාරයෝ වෙබ් අඩවියේ ලිපි දෙකක ලින්ක්ස් පහතින් දැක්වේ. ඒවාද කියවන්න.

  1. Online Privacy නොහොත් අන්තර්ජාල පෞද්ගලිකත්වය
  2. User data අවභාවිතාව නිසා Google වලටත් වැඩ වැරදුන තැන්

මං හිතනවා අද ලිපියෙන් ඔයා අන්තර්ජාලය සහ ඔයා අතර ඇති ඇයි හොදයිකම දැන ගන්න ඇති කියලා.