Loading...
DXOMark කියන්නෙ මොකක්ද? කොහොමද score එක දෙන්නේ?

මොකද්ද මේ DXOMark mobile score කියන්නේ? හරි, මං දන්නවා හැමෝම වගේ අනිවාරෙන්ම මේකට උත්තරේ දන්නවා කියල. හැබැයි කව්ද පිළිගන්නේ මම කිව්වොත් DXOMark mobile score ගැන දන්නා අයගෙන් 95%කට වඩා මේක ගැන දන්නේ එක්කෝ බාගෙට නැත්තං වැරදි කරුණු කියලා..? එහෙනම් අපි මේකෙන් බලමු කව්ද මේ DXOmark කියන්නේ එතකොට මොකද්ද මේ DXOmark mobile score එක කියන්නේ කියලා සරලව කරුණු වශයෙන්.

DXOMark image Labs කියන්නේ දැන් අවරුදු ගානක් තිස්සේ ඉදං camera වලට සහ lens වලට quality එක සම්බන්ද ratings දීපු industry එකේ standard එකක්. මෙයාලා mobile camera testings වලට ඇවිත් දැනට වසර 6කට ආසන්න වෙනවා.

DXOMark කියන්නේ ලෝකයේ දැනට තියන විශාලතම image quality database එක. ඒකට එයාලා දැනට test කරපු devices 10000 කට අධික ප්‍රමාණයක් ඇතුලත්.

DXOMark score එක එයාලාම හදුන්වගන්නේ එක්තරා විදියක benchmark score එකක් විදියට. 2017 දී DXOMark ලා එයාලගේ mobile testing ක්‍රමවේදයේ විශාල වෙනසක් කරනවා mobile industry එකට අවශ්‍ය විදියට එයාලගේ testing වලට bokeh සහ zooming ද ඇතුලත් කරමින්.

DXOMark ලා mobile camera එකක් test කරද්දී images 1500 ක් විතර ප්‍රමාණයක් ලබාගන්නවා. ඒවගේම පැය 2 කට අධික ප්‍රමාණයක video clips ලබාගන්නවා. මේ සදහා ඔවුන්ගේ පළපුරුදු කණ්ඩායමක් සතියක පමණ කාලයක් පුරාවට වෙහෙසෙනවා.

මෙයාලා ප්‍රධානව photo සහ video යන කාණ්ඩ දෙකෙන්ම testings සිදුකරනු ලබනවා. ඒවගේම මෙයාලා Exposure & contrast, Color, Autofocus, Texture, Noise, Artifacts, Flash, Zoom, bokeh සහ Stabilization යන අණු කාණ්ඩ 10න් මොවුන්ගේ testings සිදුකරනු ලබනවා. මෙයාලා test කරන සෑම device එකක්ම test කිරීමට එකම lab setups, එකම scenes, එකම crop rankings, එකම software භාවිතා කරනු ලබනවා. ඒනිසා test කරන එක device එකකටවත් අසාදාරනයක් නම් වෙන්නේ නැහැ.

මෙයාලා device test කරද්දී සෑම ආලෝක තත්වයක් යටතේම ඒවගේම සෑහෙන්න shootings conditions ප්‍රමාණයක් යටතේ lab testings වගේම සාමාන්‍ය outdoor testingsනුත් එක සමානව සිදුකරනවා. මෙයාලා natural scenes වලද testings කිරීම විශේෂත්වයක්.

ඒවගේම මෙයාලා මෙයාලාගේ testings සදහාම සෑදු විශේෂිත charts, විශේෂිත equipments භාවිතා කරනවා. එමගින් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ අදාල camera එකට පුළුවන් උපරිම දුරට challenge කිරීමයි. ඒවගේම මේ හේතුව නිසා මෙයාලගේ testing results අනිත් අයට වඩා සුවිශේෂී වෙනවා.

මෙයාලා testing කරන devices වලින් ලබාගන්න images analyze කිරීමට විශේෂ analyzer එකක් භාවිතා කෙරෙනවා. මෙය DXO analyzer ලෙස හැදින්වෙනවා. මේ මගින් මොවුන්ට කරන ලද testings වලින් device එකකට overall score එකක් දීමටද හැකිවෙනවා. DXOMark overall score එක 100ක් වැනි ප්‍රමානෙකින් නම් නවතින්නේ නැහැ. ඒවගේම මේකට කිසිදු limit එකකුත් නැහැ.

මෙයාලට අනුව මෙයාලගේ තිබෙන resources ප්‍රමාණය ඉතාම අවම වනවා. එමනිසා බොහෝ විට මෙයාලා devices testings සදහා තෝරාගන්නා විට එම devices සදහා මිනිසුන්ගේ ඇතී උනන්දුව ද සොයා බලනවා. විශේෂයෙන්ම මොවුන් මිනිසුන්ගේ වැඩි කැමැත්ත, ආකර්ෂණය ඇති devices වල reviews ඉක්මනින් සිදුකරනවා. මීට අමතරව device manufacturersලට අවශ්‍ය නම් හැකියාව තිබෙනවා මොවුන්ව hire කිරීමක් සිදුකර device එකක් announcement එකට කලින් වුවද testings කර ගැනීමටත්.

අවසාන වශයෙන් කියන්න ඕනේ DXOMark ලගේ දත්ත කියන්නේ නිදහස් ඒවගේම අවරුදු ගණනක පළපුරුද්ද ඇතී අය විසින් ලබාගන්නා ලද එවායි. ඒවගේම මොවුන් ඔවුන්ගේ testing protocol එක සාදා තිබෙන්නේ camera වල ඒවගේම lens වල quality testing වලදී ඉතාම විශාල ප්‍රමාණයක් ආවරණය වන පරිදියි. එම නිසා ඔබට මොවුන්ව විශ්වාස කිරීමේදී නම් ලොකු ප්‍රශ්න ඇතිවේවි කියලා මම නම් හිතන්නේ නැහැ. උදාහරණයක් විදියට මුලින්ම mobile camera ලෝකේ Pixel camera එක උඩින්ම තිබ්බේ මේ DXOMark ලා විසිනුයි. නමුත් එයට reputation එකක් ඇතී වෙන testers ලා කව්රුත් ඇගිල්ල දිගු කලේනම් නැහැ. DXOMark විසින් ඔවුන්ගේ testings ගැන කියවෙන video එක පහලින්.