අධිකරණ නියෝගයක් අනුව TikTok සමාජ මධ්‍ය ඇමරිකාව තුළ තහනම් කිරීමට පියවර ගත් අතර, පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යළි එයට පිවිසීමට අවස්ථාව ලබාදීමට තීරණය කරනු ලැබුවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok මව් සමාගම වන ByteDance සමාගමට යෝජනා කර ඇත්තේ මෙය හවුල් ව්‍යාපාරයක් ලෙසින් සිදුකර යා යුතු වන අතර එහිදී ඇමරිකාවට 50% ක කොටස් හිමිකාරීත්වයක් ලබාදිය යුතු බවටයි.
Okay fine, I’ll buy Tik Tok so it doesn’t get banned
— MrBeast (@MrBeast) January 14, 2025
TikTok මිලදී ගැනීම සඳහා මේ වන විට ලංසු ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇති අතර Elon Musk, MrBeast නොහොත් Jimmy Donaldson, Oracle සමාගමේ සභාපති Larry Ellison සහ තවත් ඇමරිකාවේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් මේ වන විට ලංසු ඉදිරිපත් කර ඇති බවට විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා.
Source: time.com