Loading...
Twitter සමාගමේ මෙහෙයුම් කටයුතු තාවකාලකිව නවතියි

පසුගියදා Elon Musk විසින් Twitter සමාගමේ පූර්ණ අයිතිය ලබා ගත් බවත් ඉන් පසුව එම සමාගමේ සිදුවන නව වෙනස්කම් පිළිබඳවත් අපි මීට පෙර වාර්තා කළා ඔබට මතක ඇති.

එහි තවත් වෙනස්කමක් ලෙස Twitter සමාගමේ සේවකයින් රැසක් එහි සේවයෙන් ඉවත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවට වාර්තා පළ වනවා. මේ පිළිබඳව බොහෝමයක් සේවකයින්ට ඒ පිළිබඳව email පණිවිඩයකින් දැනුම් දී ඇති බවට එම වාර්තා සඳහන් කරනු ලබනවා.

Elon musk විසින් පවසා ඇත්තේ twitter සමාගම නව මානයකින් ගමන් කරවීමට සැලසුම් කර ඇති බවත් එහිදී සේවකයින් 3700ක පමණ සේවක ප්‍රමාණැයක් සේවයෙන් ඉවත් කරන බවත් ය.

මේ හේතුවෙන් ලොව පුරා ඇති twitter සමාගමේ කාර්‍යාල වල සේවය කරන සේවකයින්ගේ රැකියා මේ වන විට අවිනිශ්චිත වී ඇති බැවින් twitter සමාගමේ ලොව පුරා ඇති කාර්‍යාලවල කටයුතු මේ වන විට තාවකාලිකව නවතා වසා දමා තිබෙනවා.

තවද මේ වන විට බොහෝමයක් සේවකයින්ට twitter සමාගමේ පරිඝණක පද්ධතියට පිවිසීමට ඇති අයිතිය වළකා ඇති බවත් වාර්තා වනවා.

Source: Euro News