Twitter app එක appstore වලින් ඉවත් කලහොත් තමන්ගේම දුරකතනයක් නිපදවන බවට Elon Musk ඉඟි පල කර​යි

ලොව ධනවත්ම පුද්ගලයා වන Elon Musk විසින් Tesla brand එක යටතේ නව Smartphone එකක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බවට ඉඟි පළවී තිබෙනවා. මේ තුළින් Apple, Google වැනි Smartphone නිෂ්පාදන සාමාගම් වලට හොඳ අභියෝගයක් දීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

Liz wheeler විසින් මේ බව පවසමින් tweet එකක් පළ කර ඇති අතර එයට reply කරමින් Elon musk විසින් පවසා ඇත්තේ එසේ නොවනු ඇතැයි ඔහු නිසැකවම බලාපොරොත්තු වන බවත් නමුත් වෙනත් විකල්පයක් නොමැති නම් ඔහු Smartphone එකක් නිපදවීමට සූදානම් බවයි.

Tesla smartphone එකක් සඳහා ඇත්ත වශයෙන්ම අදහසක් තිබේ නම්, Elon musk විසින් එහි wireless communication සඳහා ද විශේෂ වූ ඒකකයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මෙය තවමත් උපකල්පනයක් පමණක් වන අතර, ඉදිරියේදී මෙවැනි තොරතුරු සඳහා දිගටම Android වැඩකාරයෝ අප සමඟ රැඳී සිටින්න.

Source: www.macrumors.com www.phonearena.com 9to5mac.com