X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසා සිටිනු ලබනවා.
Unfortunately, a small fee for new user write access is the only way to curb the relentless onslaught of bots.
— Elon Musk (@elonmusk) April 15, 2024
Current AI (and troll farms) can pass “are you a bot” with ease.
ඒ අනුව ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ මෙය වලංගු වන්නේ නව පරිශීලකයන් සඳහා පමණක් වන අතර ඔවුන්ට ගිණුම සාදා මාස 3ක් ගත වන තෙක් නොමිලේ පළ කිරීමේ හැකියාව පවතින බවයි.
කෙසේ වෙතත් මෙය වලංගු වන්නේ කුමන රටවල් සඳහාද එසේ අයකරනු ලබන මුදල් ප්‍රමාණය කොපමණද යන්න වග තවමත් නිල වශයෙන් නිවේදනය කොට නැහැ.
තවදුරටත් Bots සහ Troll Systems X තුළින් ඉවත් කිරීමක් සිදු වෙමින් පවතින බව මස්ක් නිවේදනය කර තිබුණි. ඒ පසුගිය මාස කිහිපය තුළ Spam සහ Porn Bots X තුළ විවිධ පළ කිරීම් සිදු කොට පරිශීලකයන් කලබලයට පත් කළ නිසාවෙනි. මෙම ඉවත් කිරීම මෙම මස මුලදී ආරම්භ කොට ඇති අතර ඒමඟින් විශාල Followers ල ප්‍රමාණයක් සිටින ගිණුම් වල Followers ලා ප්‍රමාණයන්ගේ යම්කිසි වෙනසක් සිදු විය හැකිබවට බොහෝ දෙනා පවසනු ලබනවා.
Source: ndtv.com