මේ වෙන විට රුසියාව හා යුක්රේනය අතර ඇති වි තිබෙන යුධමය වාතාවරණය තව දුරටත් උග්ර වෙමින් පවතින අතර රුසියාව විසින් යුක්රේනය වෙත දිගින් දිගටම ප්රහාර එල්ල කරමින් සිටිනවා. රුසියානු ප්රහාර හමුවේ යුක්රේනයේ ප්රදේශ රැසක අන්තර්ජාල පහසුකම් බිද වැටි තිබෙනවා.
මේ පිළිබඳ සදහන් කරමින් යුක්රේන උප අගමැති Mykhailo Fedorov විසින් Twitter සටහනක් හරහා SpaceX සමාගමේ ප්රධානියා වෙන Elon Musk වෙතින් යුක්රේනය සදහා Starlink Satellite Broadband Service එක ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර එයට ප්රතිචාර දක්වමින් Elon Musk විසින් සදහන් කර ඇත්තේ යුක්රේනය සදහා Starlink Satellite Broadband Service එක ලබා දීමට කටයුතු කල බවයි.
Starlink service is now active in Ukraine. More terminals en route.
— Elon Musk (@elonmusk) February 26, 2022
මීට අමතරව යුක්රේන රජය විසින් Apple සමාගමෙන් සහ Netflix සමාගමෙන් ඉල්ලා ඇත්තේ රුසියාව සදහා එම සමාගම්වල Services ලබා දිම අත්හිටුවීමට කටයුතු කරන ලෙසයි. මෙම ඉල්ලීම් සදහා තවමත් කිසිදු නිල පිළිතුරක් එම ආයතනයන්ගෙන් ලැබි නොමැති වෙනවා.
Source : Al Jazeera