Loading...
ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා අවසර ලබා දී ඇති බව ඔබ දන්නවා. ඒ පසුගිය අගෝස්තු 12 වන දින සිටයි.

කෙසේ වුවත් වාර්තා වන නවතම තොරතුරුවලට අනුව මේ මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපතිවරණය අවසන් වන තුරු කල් යාමට ඉඩ ඇති බවට ආරංචි මාර්ග විසින් වාර්තා වන​වා. එයට හේතුව ලෙස වාර්තා වන්නේ තවමත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තුළින් යම් යම් නිෂ්කාශනයන් ලැබීමට නියමිතව තිබෙන බව නිසයි.

තවත මේ වන විට රජය විසින් Starlink සමාගම සමඟ Zoom ඔස්සේ සාකච්ඡාවක් ද පැවැත්වීමට සුදානමින් සිටින බවටත් තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ දියත් කළ විට Starlink සමාගමේ CEO වක Elon Musk මහතා ද මෙරටට පැමිණිමට නියමිතයි.

Source: www.dailymirror.lk