Loading...
Ice Age චිත්‍රපටිය නිර්මාණය වුනු Blue Sky studio එකේ කටයුතු නවතා දැමීමට Disney සමාගම කටයුතු කර​යි

අපේ ළමා කාලය ලස්සන කරන්​න වෙරදරපු තවත් එක් ලස්සන සමාගම​ක් වන Bluesky Studio එකෙ නිෂ්පාද​න සමහරවිට මීට පස්සෙ කිසිම දවසක නැවත අපිට බලාගන්​න බැරිවෙ​යි.

Ice Age, Rio, Horton Hears a Who, Robots , Epic , Ferdinand වගේ එදා මෙදා තුර ලෝකයේ බිහිවෙච්ච ජනප්‍රියම ඇනිමේශන් මූවීස් නිර්මාණය වුනු තැනක් තම​යි මේ Bluesky studio කියන්නෙ.

මේ Bluesky කියන එක අයි​ති වෙලා තිබුනෙ 21st Century Fox එකට නමුත් පසුගිය වසරෙ 21st Century Foxලගෙ රයිට්ස් Disney විසින් මිළදි ගත්තයි​න් පස්සේ මේ ස්ටුඩියෝ එක ක්ලෝස් ඩවුන් කරල දාන්න Disney තීරණය කරනවා.

නමුත් මේ Golden Era එකට හොඳ ending එකක් දෙන්න BlueSky ලා අමතක කරලා නෑ. ​ඒ තමා අපි පොඩි කාලෙ ඉඳන් ආසාවෙ​න් බලාගෙන හිටපු දෙයකින් ලස්සන සමුගැනීමක් මෙයාලා අරගෙන එනවා.

​ඒ තමා පළවෙනි Ice Age movie එකේ ඉඳන්ම මහද්වීප වෙන් කරලා ඇටයක් නිසා ග්‍රහලෝක විනාශ කරන තැනට යනකන් ස්ක්‍රැට්ව අරගෙන ගියපු acorn ඇට​යේ රස බලන්න ස්ක්‍රැට්ට අවස්තාව ලබාදීමෙන්.

1987 පටන් ගත්ත ඒ අවුරුදු 35ක ජර්නි එකට ඔෆීශියලි ගුඩ්බායි කියන්නේ මේ තප්පර ගානක විඩියො ක්ලිප් එකෙන්. මේ තමා BlueSky ලගෙන් අපිට ලැබෙන අන්තිම සප්‍රයි​ස් ගිෆ්‍ට් එක. ☺️❤

අපි එක්කම ලොකු වුන ​ඒ ලස්සන ෆ්‍රැන්චයිස් වලට පණ දුන් BlueSky Studio මියෙන තුරා අප මතකයේ රැඳේවි. ☺️

එහෙන​ම් Blue Sky Studio ඔබට සුභගමන්.