Loading...
යුරෝපා සංගමය විසින් Siri, Google Assistant සහ Alexa වැනි voice assistants වලට එරෙහිව පරීක්ෂණයක්

යුරෝපා සංගමය දිගු කාලයක ඉඳන් ම ලෝකයේ දැවැන්ත tech companies වලට ව්‍යාපාර කටයුතු වලදී තවත් සාධාරණව සහ විනිවිද භාවයකින් කටයුතු කරන ලෙස ලොකු pressure එකක් දුන්නා. මේ tech giants ලා මුහුණ දුන්න දඩ වලින් ලොකු ප්‍රමාණයක් ම පැනෙව්වේ යුරෝපා සංගමයෙන්. ඉතාමත් මෑතක දී Apple සමාගම අයර්ලන්තයේ බදු නොගෙවීම සම්බන්ධයෙන් ඩොලර් බිලියන 16ක දඩයක් යුරෝපා සංගමය පැනෙව්වා. කෙසේ වෙතත් අධිකරණය මගින් එම දඩ මුදල අත්හිටෙව්වත් Apple, Google, Amazon වගේ සමාගම් දිගින් දිගටම මේ විදිහට pressure වෙනවා.

පල වෙලා තියෙන අලුත් ම වාර්තාවකට අනුව යුරෝපා සංගමය සමාගම් 400 කින් තොරතුරු විමසා තියෙනවා. මොන වගේ තොරතුරු ද? ඔව්, පේන විදිහට EU එක මේ දවස් වල Siri, Google Assistant සහ Alexa වගේ voice assistants ලා සම්බන්ධයෙන් තියෙන issues ගැන හොයල බලමින් ඉන්නවා. යුරෝපා සංගමය මේ voice assistants ලා tech companies වලින් සිදුවන potential antitrust violations ගැන අධ්‍යනය කරනවා.

යුරෝපා සංගමයේ කොමසාරිස්වරයෙක් වන Margrethe Vestager සඳහන් කලේ මේ පියවර tech giants ලව යුරෝපා සංගමය විසින් තදින් ම අධීක්ෂණය කරන බවට ඔවුන් හට යවන පණිවුඩයක් බවයි. තව දුරටත් කොමසාරිස්වරයා සඳහන් කලේ මේ විදිහට යුරෝපා සංගමය මේ voice assistants ලා ගැන උනන්දුවක් දැක්වීමට හේතුව වන්නේ IoT devices වල use වෙන විශාල ප්‍රමාණයක user data collection එක බවයි.

“Interoperability is of the essence if we want to make this market accessible.”              - Margrethe Vestager

ඉතින් මේ වගේ antitrust issues වලදී අදාල සමාගමේ global revenue එකෙන් 10% ක් වගේ ප්රමාණයක දඩ මුදලක් නියම කිරීමෙ හැකියාව තියෙනවා. ඒක විශාල මුදලක්. ගිය අවුරුද්දේ Apple ලගෙ revenue එක ඩොලර් බිලියන 260යි. ඒ අනුව ඔවුන් antitrust laws violate කරලා කියලා ඔප්පු උනොත් ඩොලර් බිලියන 26ක් වගේ ප්‍රමාණයක දඩ මුදලක් ගෙවීමට සිද්ධ වෙනවා.

Source : The Verge