Loading...
මුඛාවරණ පැළඳ සිටීමේදී පවා FaceID භාවිතා කිරීමේ හැකියාව ලබාදෙ​න නව පහසුකමක් Apple සමාග​ම හඳුන්වාදේ

Apple සමාගම විසින් පසුගිය දිනක iOS 15.4 beta 1 සංස්කරණය Developerලාට සහ Public Beta Userලා වෙත නිකුත් කිරිමට කටයුතු කරනු ලැබුවා. මේ සංස්කරණය ඔස්සේ iPhone භාවිත කරන්නන් රැසක් බලාපොරොත්තුවෙන් සිටි අත්‍යාවශ්‍යම පහසුකමක් ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මේ iOS 15.4 beta 1 සංස්කරණය මගින් මුහුණු ආවරණය (Face Mask) සමග Face ID පහසුකම භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් Apple සමාගම විසින් මේ නව පහසුකම පිළිබඳ දක්වා තිබෙන්නේ Face Mask එක සමග Face ID පහසුකම භාවිත කිරිමේ හැකියාව ලබා දුන්නද වඩාත් ආරක්ෂිත Full Face Recognition එක බවයි.

“Face ID is most accurate when it’s set up for full-face recognition only. To use Face ID while wearing a mask, iPhone can recognize the unique features around the eye to authenticate.”

මෙහිදි TrueDepth System එක මගින් ඔබ Mask එකක් පැළද සිටි නම් ඔබේ මුහුණ හදුනා ගැනිම සදහා ඇස් වටා ප්‍රදේශයේ ඇති සුවිශේෂී ලක්ෂණ හදුනා ගැනිම සිදු කරනවා. එමෙන්ම Apple Watch Unlock පහසුකම භාවිත කරනවා නම් TrueDepth System එක ඔබ Mask එකක් පැළද සිටි දැයි පමණක් පරික්ෂා කරන අතර ඔබ Apple Watch එක පැළද සිටි නම් වෙනත් පරික්ෂා කිරිම්වලින් තොරව iPhone එක Unlock කරනු ලැබෙනවා.

මේ සංස්කරණය ඔස්සේ Apple Pay හා Third-party apps සදහාත් Face ID පහසුකම භාවිත කිරිමේ හැකියාව ලැබෙන අතර ඒ මගින් ඔබ Mask එකක් පැළද සිටින අවස්ථාවක වුවත් එම Apps භාවිත කළ හැකි වෙනවා.

එමෙන්ම මේ සංස්කරණය ඔස්සේ ඇස් කණ්ණාඩි පළදින පුද්ගලයින්ටද Face Mask එක පැළද සිටින විට Face ID පහසුකම භාවිත කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා. කෙසේ වෙතත් අව් කණ්ණාඩි සදහා Face Mask සමග Face ID සහය නොදක්වනු ලබනවා.

“Using Face ID while wearing a mask works best when it’s set up to recognize each pair of glasses you wear regularly. Face ID with a mask doesn’t support sunglasses.”

මෙම පහසුකම Apple සමාගම විසින් iPhone 12 Series එකේ සිට නිකුත් වු නව මාදිලිවලට පමණක් ලබා දි තිබෙන අතර ඒ අනුව iPhone 12 Series එකේ සහ iPhone 13 Series එකේ Devices මගින් මේ පහසුකම භාවිත කිරිමේ හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් Face ID පහසුකම තිබෙන අනෙක් Devices වෙන X, XR, XS හා iPhone 11 Series එකේ Devices සදහා මෙම පහසුකම ලබා නොදිම පිළිබඳ Apple සමාගම විසින් නිසි පිළිතුරුක් තවමත් ලබා දි නොමැති වෙනවා.

Source: 9to5Mac