Loading...
වටිනාකම ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ සමාගම් අතරට Facebook සමාගමත් එක් වේ

මේ වන විට Facebook සමාගම වටිනාකම ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ සමාගම් ඇතුලත් ලැයිස්තුවට එක් වී තිබේ. මෙම සීමාව පසු කල පස්වන ඇමරිකානු සමාගම බවටද පත්වීමටද ඔවුන්ට හැකි වුනි. Apple, Microsoft, Amazon සහ Google හී මව් සමාගම වන Alphabet Inc යන සමාගම් මෙම සන්ධිස්ථානය පසු කල අනෙකුත් සමාගම් වේ.

එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කොමිසම විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කළ වාසිදායක නඩු තීන්දුවකින් පසු Facebook සමාගමේ කොටස් 4.2% කින් ඩොලර් 355.64 ක් ලෙස සටහන් විය.

Yahoo Finance ආයතනයට අනුව Facebook සමාගමේ වෙළඳපල වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.008 ක් පමණ වන බව වාර්තා වේ.

Facebook සමාගමේ වඩාත් කැපී පෙනෙන අංශ වන්නේ වන්නේ Facebook වෙබ් අඩවිය,Messenger මෙන්ම Instagram, WhatsApp සහ Oculus ය.  ඩොලර් ට්‍රිලියන 1 සීමාව පසු කළ එක්සත් ජනපද තාක්ෂණික සමාගම් ලැයිස්තුවේ Facebook යනු 2000 දශකයේදී ආරම්භ කරන ලද මෙම කඩඉම පසුකල එකම සමාගමද වේ.

Facebook ආයතනය සිය ආදායමෙන් වැඩි කොටසක්ම උපයා ගන්නෙ Facebook හා Instagram සමාජ ජාල භාවිතා කරන්නන්ට පෙන්වන Personalized Ads වලිනි. Facebook  සමාගමට වේගයෙන් වර්ධනය වන දෘඩාංග ව්‍යාපාරයක් ද ඇති අතර එහිදී Portal-Video Calling උපාංග, Oculus Virtual-Reality Headset සහ Smart Glasses වැනි නිෂ්පාදන 2021 අග භාගයේ දී නිකුත් කිරීමට නියමිතය.

Source:- CNBC, The Verge