මේ වන විට ලොවපුරා වෙසෙන අන්තර්ජාල පරිශීලකයන්ගෙන් ලැබෙන තොරතුරු සහ අන්තර්ජාතික මාධ්‍යන් වාර්තා කරන ආකාරයට Facebook, WhatsApp, Facebook Messenger හා Instagramහි සේවා ඇණහිටීමක් වාර්තා වෙමින් පවතිනවා. Down Detector වෙබ් අඩවිය වෙත පිවිසෙන විශාල අන්තර්ජාල පරිශීලකයන් පිරිසක් විසින්ද මෙම සේවාවන් බිඳ වැටීම තහවුරු කර තිබෙනවා.
ඒ අනුව Facebook, WhatsApp, Instagram හා Facebook Messenger සේවාවන්වන් සඳහා පිවිසීමේ හැකියාව අඩාල වී ඇති අතර Facebook සමාගමේ අනිත් සේවාවන් සදහා මේ සේවා ඇණහිටීම දැනට බලපා ඇතැයිද තොරතුරු වාර්තා වෙනවා.
ලොව පුරාවටම බලපාන ලෙස සිදු වු මේ සේවා බිද වැටිම නිසා WhatsApp හි අප යවන Messages Send නොවන බවට යම් Connection Problem එකක් ඇති බවට පෙන්වන්නාක් මෙන් Clock Icon එක දිස් විම සිදු වෙන අතර අලුතින් Status දැමිමේ හැකියාවද අහිමි වි තිබෙනවා. Facebook Messenger හිදි "Waiting For Network" error එක පෙන්වනු ලබනවා.
වාර්තා වෙන තොරතුරුවලට අනුව ඇමරිකා එක්සත් ජනපදය, මැදපෙරදිග කලාපය, යුරෝපා කලාපය හා ආසියාව ආදි ලොව පුරා සැම රටකින්ම වගේ මෙලෙස Facebook, WhatsApp, Facebook Messenger හා Instagramහි බිද වැටිම් වාර්තා වි තිබෙනවා.
මේ පිළිබඳව වැඩි දුර තොරතුරු ලද විගස ඔබ වෙත ගෙන ඒමට Android වැඩකාරයෝ අප විසින් බලාපොරොත්තු වනවා.
Update:
04.10.2021 21:58
WhatsApp විසින් තම නිල ට්විටර් ගිණුම හරහා මේ වන විට තම පරිශීලකයන්ට දන්වා ඇත්තේ හැකි තරම් ඉක්මනින් ඔවුන්ගේ මෙම සේවා බිඳ වැටීම යතා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
We’re aware that some people are experiencing issues with WhatsApp at the moment. We’re working to get things back to normal and will send an update here as soon as possible.
— WhatsApp (@WhatsApp) October 4, 2021
Thanks for your patience!
05.10.2021 00:04
Facebook ඇතුලුව එම ආයතනයේ අනෙකුත් සේවාවන් බිඳ්අ වැටීමට හේතුව වී ඇත්තේ DNS resolveහි ඇති වූ ප්‍රශ්නයක් වන අතර, එය යතාතත්වයට පත් වීමට ඇතැම් විට පැය 72ක පමණ කාලයක් ගතවනු ඇතැයි මත පලවනවා.
Source: The Verge, Tech Radar