Facebook සමාගම ඔවුන්ගේ applications වලට විවිධ features කාලයෙන් කාලයට එකතු කරනවා. ඉතින් ඒ විදිහට තවත් community-focused feature එකක් මේ දවස් වල Facebook ලා test කරනවා. මේකේ ප්‍රධාන අරමුණක් තමා මිනිස්සු තවත් සමීප කරන එක. මේකෙ නම තමා Neighborhoods. මේ තුලින් user ඉන්න ප්‍රදේශය අසල local posts, groups, සහ marketplace items එකම තැනකට ගේනවා. ඒ තුලින් එම ප්‍රදේශය අසල ජීවත් වෙන මිනිස්සු එක්ක බහුල වශයෙන් සම්බන්ධ වෙන්න පුලුවන්කම ලැබෙනවා.
මේ අලුත් feature එක spot කරගන්න සමත් වෙන්නේ Matt Navarra කියන social media consultant විසින්. ඉතින් පහලින් තියෙන ඔහුගේ tweet එකෙන් පස්සේ Facebook සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ දැනට තෝරාගත් users ලා කීප දෙනෙක්ට විතරක් මේ feature එක roll out වෙනවා කියලයි.
You can switch neighbourhoods or leave your current neighbourhood at anytime.
— Matt Navarra (@MattNavarra) October 20, 2020
There are dedicated privacy options you can control for your activity in your ‘Neighbourhood’.
Facebook may also use your ‘neighbourhood’ activity to show you Hyperlocal / more relevant ads. pic.twitter.com/ayJfHDAXtc
More than ever, people are using Facebook to participate in their local communities. To help make it easier to do this, we are rolling out a limited test of Neighborhoods, a dedicated space within Facebook for people to connect with their neighbors - Facebook
ඉතින් මේ Neighborhood feature එක design වෙන්නේ එකම ප්‍රදේශ වල ජීවත් වෙන අය එක confined community එකකට ගේන්න. මේ අනුව users ලට හැකියාව ලැබෙනවා ඔවුන්ගේ Neighborhood groups හදාගන්න. ඊට පස්සේ users ලා location access Facebook එකට දුන්නට පස්සේ ඒ location වල ඉන්න අනිත් users ලගෙ posts, marketplace items display කරනවා. ඒ වගේම මේ groups වල privacy options වෙනස් කරන්නත් පුලුවන් කම ලැබෙනවා.


කෙසේවෙතත් Facebook නෙමේ මේක ඉස්සෙල්ලාම හඳුන්වල දෙන්නේ. NextDoor කියන Community-focused social media app එකෙන් තමයි මේක නිකුත් වෙන්නේ. ඒත් Facebook වල තියෙන පුලුල් user base එක නිසා විශාල users ලා ප්‍රමානයක් මේකට එකතු කරගන්න පුලුවන් වේවි.
කෙසේවෙතත් මේකෙ release එක ගැන තවම සඳහනක් නෑ. Facebook ලා සඳහන් කරන්නේ මේක තවම testing phase එකේ තියෙන දෙයක් නිසා community feedbacks වලට අනුව අවශ්‍ය වෙනස්කම් කරමින් ඉන්නවා කියලයි.
featured image courtesy : Facebook / Grigg Digital
Source: C|Net