Loading...
ඔයා වගේම Avatar එකක් Facebook එකෙන් හදාගන්න - Facebook Avatar

මේ දවස් වල ඔයාලා හැමෝම Facebook එකේ newsfeed එකේ දකින්න ඇති ඔයාගේ යාළුවෝ එයාලගේ Facebook avatar character එකක් හදලා share කරල තියෙනවා. මගේ නම් එහෙම හදල share කරලා තියෙනවා දැක්කේ එකම එක යාළුවෙක් විතරයි. ඉතිං ඔය ගැන පොඩ්ඩක් ලාවට හොයල බලනකොට තමයි දැනගන්න හම්බුනේ මේ ගැන.

ගිය සතියේ මේ feature එක Facebook එකට rolled out කරල තියෙන්නේ. මම චෙක් කරා, ඒත් මට නම් තාම මේ feature එක ඇවිත් නෑ. හොයල බලන්න සමහර විට ඔයාට ඇවිල්ලා ඇති. මං හොයල බලනකොට මට මෙන්න මේ steps ටික හම්බුනා.

මුලින්ම ඔයා ඔයාගේ Facebook account එකට phone එකෙන් log වෙන්න ඕනේ. හැබැයි browser එකෙන්වත් Facebook Lite කියන app එකෙන්වත් නෙවෙයි. Facebook app එකෙන්.

ඊට පස්සේ Facebook app එකේ menu එකට යන්න.

ඊලඟට යන්න menu එකේ See more එකට.

ඊලඟට එතන Avatars කියල Menu option එකක් ඇවිත් තියෙනව නම් Next කරල ඊට පස්සේ එන Get started එකට යන්න. (feature එක release කරා කිව්වට ගොඩක් අයට ඇවිල්ලා නෑ. කෝකටත් කියල Facebook app එකෙන් Logout වෙලා app එකේ Data clear ආයෙම ලොග් වෙලා බලන්න. සමහර විට එන්න පුළුවන්)

ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ හමේ පාටට ගැලපෙන පාට තෝරගන්න එක.

හමේ පාට තේරුවට පස්සේ ඔයාට ඔයාගේ කොණ්ඩ මෝස්තරය, කොණ්ඩයේ පාට, මුහුණේ හැඩය, ඇස් වල හැඩය සහ පාට, ඇහිබැමි, නහයේ හැඩය, රැවුල, ශරීරයේ හැඩය, ඇඳුම සහ අනෙකුත් දෑ ඔයාට ඕන විදිහට cutomize කරගන්න පුළුවන්. මීට අමතරව මුහුණේ ඇති රැලි පවා මෙහිදී ඔයාට වෙනම පෙන්නන්න පුළුවන් විදිහට හදල තියෙනවා.
ඇත්තටම ඔයාට ඔයාව අමතකයි වගේ නම්, mirror icon එක tap කරල ලේසියෙන්ම ඔයාගේ front camera එක on කරගන්නත් පුළුවන්.

ඔයාගේ Avatar එක ඔයාට ඕන විදිහට හදාගත්තට පස්සේ දකුණු උඩ කොණේ තියෙන Ok button එක click කරන්න.

ඊට පස්සේ ඔයාට මෙන්න මේ පල්ලෙහා තියෙන විදිහට ඔයාට Facebook sticker pack එකක් විදිහට export කරන්න පෙන්නයි. ඒක next කරන්න.

Done tap කරන්න.

ඊට පස්සේ ඔයාට මේ වගේ window එකක් එයි. මෙතනින් ඔයාට පුළුවන් ඔයාගේ facebook profile picture එක විදිහට මේ avatar එක use කරන්න. ඒ වගේම වෙනසක් කරන්න ඕනේ නම් පැන්සල උඩ ටැප් කරාම වෙනස් කරන්න පුළුවන්.

ඔයාට ඔයා හදපු ඔයාගේ avatar එක දැන් facebook srickers විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ වෙනදා වගේම ඔයා comments වලට, message වලට stickers යවන විදිහටම ගිහිං ඔයාගේ avatar එක තියෙන sticker pack එක් තෝරලා අවශ්‍ය කරන sticker එක යවන එක විතරයි.

මීට අමතරව ඔයාට පුළුවන් Facebook messenger app එකේ smiley face button එකෙන් ගිහිං sticker tab එකේ තියෙන Create Your Avatar කියන එකෙන් උඩ කියපු විදිහට ඔයාගේ Facebook avatar එක හදාගන්න.