Facebook groups එහෙමත් නැතිනම් Facebook එකෙහි ඇති සමූහයන් තුළ සිටිනා සාමාජිකයින්ගේ Engagement එක ඉහළ දැමීමේ අභිප්‍රායෙන් Facebook සමාගම මෙම නව 'Community Awards' විශේෂාංගය අත්හදා බැලීම ආරම්භ කොට තිබෙනවා.
මෙම Community Awards සමූහයේ පල වන comments වලට ලබා දීමට හැකියාව පවතින අතර සමූහයේ ඕනෑම කෙනෙකුට මෙම Awards ලබා දිමට සහ ලබා ගැනීමට හැකියාව පවතිනවා.
සමූහයේ එක් සාමාජිකයෙකුට සෑම සතියකම Awards තුනක් පමණක් ලබා දිය හැකි අතර ලබා දුන් Award එකක් නැවත ඉවත් කිරීමට හැකියාවක් නැත.
‘Top Fan’ සහ වෙනත් වර්ගයේ badges ලබා දෙමින් අළුතින් හදුන්වාදුන් 'Community Awards' වලට සමාන විශේෂාංගයක් මේ වන විටත් Facebook තුළ භාවිතා වෙනවා.
මෙම නව 'Community Awards' විශේෂාංගය තවමත් පරික්ෂණ මට්ටමේ පවතින අතර සෑම group එකක් සදහාම මෙම විශේෂාංගය තවමත් ලබා දී නැහැ. එමෙන්ම මෙම විශේෂාංගය ගැන ඉහත සදහන් කල සමහර කාරණා ආනාගතයේදී වෙනස් වීමටද ඉඩ තිබෙනවා.
Source: socialmediatoday