ඔබට මතක ඇති ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ PUBG ඇතුලු චින Apps 117 තහනම් කිරිමට කටයුතු කලා. ඒ වගේම Fortnite Game එකද Appstore සහ Playstore තුලින් ඉවත් කිරිමට කටයුතු සිදු වුවා. ඒ nCore Games නම් ඉන්දියානු වීඩියෝ ක්රීඩා නිපදවන ආයතනයක් විසින් Fearless And United: Guards හෙවත් FAU-G නමින් PUBG Mobile විකල්පයක් නිපදවන බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා.
පසුගිය කාලයේ FAU-G Game එකේ Cinematic Trailer එකද n-Core Gamesහි නිල Twitter ගිණුම හරහා එළිදක්වලා තිබුණා. ඒ වගේම දැන් මේ FAU-G Mobile Game එක සදහා Google Play Store හරහා Pre-registration විමට අවස්ථාව ලබා දි තිබෙනවා.
nCore Games හි නිල Twitter ගිණුම ඔස්සේ මේ බව ඔවුන් දන්වා තිබෙනවා.
On the auspicious occasion of Gurupurab, we are starting the pre-registrations of FAU-G: Fearless And United Guards.
— nCORE Games (@nCore_games) November 30, 2020
Pre-register and be the first to play the game. #FAUG #BeFearless
Pre-registration link: https://t.co/4TXd1F7g7J@VishalGondal @akshaykumar #happygurupurab
මුලදි මේ Game එක නොවැම්බර් මාසයේ දි නිකුත් වනු ඇති බවට තොරතුරු පල වුවාත්, තවත් සති කිහිපයකින් මෙය නිකුත් විම ප්රමාද වනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්.



තවමත් මේ FAU-G Mobile Game එකේ Pre-registration ලබා දි තිබෙන්නේ Android Usersලාට පමණයි. iOS Usersලාට මේ Game එකේ Pre-registration ලබා දෙන දිනයක් පිළිබඳව නම් තවමත් තොරතුරු ලැබි නැ.
Sources : Beebom