Loading...
නොමිලේ දෙන, Android FOSS Apps බාගන්න කියාපු තැන, F-Droid

ඇප් එක ගැන කියන්න කලින්, අපි මුලින්ම බලමු මොකක්ද මේ FOSS කියන්නෙ කියලා. FOSS - Free and Open Source Software, ඒ කියන්නෙ, යම් මෘදුකාංගයක් හැදුවට පස්සෙ, ඒ ඇප් එක හදපු විදිය රහසක් නෙවෙයි නම්, (කේත සටහන හැමෝටම බලාගන්න පුළුවන් විදියට ප්‍රසිද්ධ කරලා නම්.) සහ ඒ ඇප් එක නොමිලේම හැමෝටම ලබාගන්න, වෙනස්කම් කරන්න, බෙදාහදා ගන්න පුළුවන් නම් බොහොම සරලව ඒ වගේ මෘදුකාංගයකට/ ඇප් එකකට අපිට කියන්න පුළුවන් FOSS App එකක් කියලා.

අපි අද මේ කතා කරන F-Droid ව්‍යාපෘතිය ආරම්භ වීමට හේතුව තමයි මම අර කලින් පැහැදිලි කරපු FOSS Android Aps බෙදාහදා ගන්න ක්‍රමයක් හදන්න අවශ්ය වුණ නිසා. මොකද, Google Play Store එකට මේ FOSS Apps දාන එක පාඩු වැඩක්.  Google Play Store එකට Apps දාන්න Google සමාගමට යම් මුදලක් ගෙවන්න වෙනවා. FOSS App එකක් හදලා ඒකෙ Source Code එකත් නිදහස් කරලා ඒක බෙදාහදා ගන්නත් සල්ලි ගෙවන්න වෙන එක හරිම අවුලක් නිසා තමයි මේ වගේ තමන් හදන ඇප්ස් නොමිලේම ඇතුළත් කරවන්න පුළුවන් App Store එකක් හැදුණේ.

F-Droid Store එකේ තියෙන ඇප්ස් බොහොමයක් FOSS Aps. මේ F-Droid Store එකේ හැම ඇප් එකක්ම නොමිලේ ලබාගන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම, මේ F-Droid Store එකෙන් ලබාගන්න Apps ඔයාට මේ Store එක හරහාම යාවත්කාලීන (Update) කරගන්නත් හැකියාව තියෙනවා. Google Play Store එකේ වගේ සංකර, ලස්සන Interface එකක් නැතත්, මේ F-Droid Store එකෙන් ගොඩක් වටින ඇප්ස් ලබාගන්න පුළුවන්. F-Droid Store එකේ තියෙන බොහොම ප්‍රයෝජනවත් Apps ගොඩක් ගැන ඉස්සරහට මම කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා.

අපි දැන් බලමු F-Droid Store එක ඔයාගෙ ෆෝන් එකට Install කරගන්නෙ කොහොමද කියලා. මෙන්න මේ අඩවියට (https://f-droid.org/) ගියාම තියෙන DOWNLOAD F-DROID බොත්තම ඔබලා ඉතා පහසුවෙන් ඔයාට පුළුවන් අදාළ APK file එක බාගත කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ටික වෙලාවකින් ස්වංක්‍රීයව සිදුවෙන Update කිරීමෙන් පස්සෙ ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන Apps හොයලා ඔයාගෙ Android device එකට බාගත කරගෙන Install කරගන්න. මම පහළින් App එකේ Screenshots ටිකක් දාන්නම්.

ඉදිරියෙදි, මෙන්න මේ F-Droid Store එකෙන් ලබාගන්න පුළුවන් බොහොම වටින Apps ටිකක් ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම්, තවත් මෙවැනි පෝස්ට් එකකින් මුණගැසෙමු.