Loading...
Google සමාගම විසින් Self Charging Remote එකක් හදුන්වාදේ

එදිනෙදා භාවිත වන සෑම Remote එකකම තිබෙන ප්‍රධානතම ගැටලුව ලෙස ඒවාගේ Battery ක්ෂය වු විට නැවත Battery Replace කිරීමට සිදු විම දක්වන්න පුලුවන්. සමහර අවස්ථාවලදී අමතර Battery අප සතුව නොමැති විම නිසා මෙය ඉතාම ගැටලුකාරී තත්වයක් වනවා. කෙසේ වෙතත් මෙලෙස Remote සදහා නැවත් නැවත Battery Replace කිරිමට සිදු විමේ ගැටලුව මග හරවමින් Google සමාගම විසින් ඔවුන්ගේ Google TV සදහා Self Charging Battery එකක් සහිත Remote එකක් හදුන්වා දී තිබෙනවා.

මෙම නව Google TV Remote එක ඔවුන්ගේ සාමාන්‍ය Battery යොදා භාවිත කරන TV Remote එකේ Button Layout එකෙන්ම යුතු වන අතර මෙහි Self Power Battery එක සදහා යම් කොටස් වෙනස් කර තිබෙනවා. ඒ ආලෝකය මගින් Battery Recharge විමට ඉඩ ලබා දෙන Photovoltaic Panel එක සහිත කොටසයි. මෙම  Photovoltaic Panel එක Google සමාගම විසින් Solar Cell Manufacturing සමාගමක් වන Exeger සමග එකතුව නිෂ්පාදනය කර තිබෙනවා.

Image : TW Electronics (Newbury) Ltd

කෙසේ වෙතත් මෙය ලොව පළමු Self Charging Remote එක නොවන අතර මීට පෙර Samsung සමාගම විසින් ඔවුන්ගේ Self Charging Remote එකක් හදුන්වා දී තිබෙනවා. නමුත් මෙය Google සමාගමේ ප්‍රථම Self Charging Remote එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්.

කෙසේ වෙතත් තවමත් Google සමාගම විසින් මේ Self Charging Remote එක එළිදැක්විමට නියමිත දිනයක් පිළිබඳ නිල වශයෙන් තොරතුරු ප්‍රකාශ කර නොමැති වුවත් නුදුරු අනාගතයේදීම Google සමාගම විසින් මෙම Self Charging Remote එළිදැක්විමට කටයුතු කරනු ලබනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: www.androidauthority.com 9to5google.com