Loading...
Samsung Mid-rangeවලටත් Galaxy AI !?

Samsung සමාගම විසින් Galaxy S24 Series එකත් සමඟ Galaxy AI ඔවුන්ගේ High-end Smartphones සඳහා හඳුන්වා දීම ආරම්භ කරනු ලැබුවා. කෙසේ වෙතත් ඔවුන් එහිදී දැක්වුයේ සම්පුර්ණ Galaxy AI අත්දැකීම ලබා ගත හැක්කේ Galaxy High-end Smartphones ඔස්සේ බවයි.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy AI, Mid-range Smartphones සඳහාත් ලබා දීමට සුදානම් වන බව දක්වන්න පුලුවන්. ඒ ලොව ජනප්‍රියතම Mid-range Smartphone Series එක වන Galaxy A Series සමගිනුයි.

එම වාර්තාවලට අනුව Galaxy A55 සහ Galaxy A35 Smartphones සඳහා Galaxy AI පහසුකම් ඉදිරියේදී ලැබෙනු ඇතැයි බලාපොරාත්තු වන්න පුලුවන්. ඒ One UI 6.1.1 යාවත්කාලීනය සමගිනුයි. කෙසේ වෙතත් මෙහිදී High-end Galaxy Smartphonesවලට මෙන් සම්පුර්ණ Galaxy AI පහසුකම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු නොවිය හැකි වුවත් කැපි පෙනෙන AI Features බොහොමයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. ඒ අනුව බොහෝ විට මේ මස හෝ මීලග මාසයේදී One UI යාවත්කාලීනය සමඟ Galaxy AI පහසුකම් මේ Smartphones දෙක සඳහා ලැබෙනු ඇත.

එමෙන්ම තවමත් මේ පිළිබඳව නිල තොරතුරු ප්‍රකාශයට පත් වී නොමැති අතර මේ Smartphones දෙකට අමතරව තවත් Galaxy A Series Smartphones සඳහාත් සමහර විට Galaxy AI පහසුකම් ලැබිය හැක.

Source: sammobile.com gsmarena.com
මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.