Loading...
Galaxy S23 මාදිලීන් සඳහා චන්ද්රිකා තාක්ෂණය ඔස්සේ සන්නිවේදනය කිරීමේ පහසුකම ලබා දීමට සූදානම් බව වාර්තා ​වේ

ඔබට මතක ඇති Apple සමාගම විසින් නිකුත් කරන ලද iPhone 14 Series එකත් සමග ඔවුන් Satellite Emergency SOS පහසුකම ලබා දුන්නා. එතරම් ප්‍රසිද්ධියට පත් නොවුනත් ඔවුන් විසින් iPhone 14 Series එක නිකුත් කීරිමටත් ප්‍රථම Huawei සමාගම විසින් එළිදැක්වු Huawei Mate 50 Series එක සදහාත් ඔවුන් විසින් Satellite Connectivity එක හදුන්වා දී තිබෙන අතර ඒ මගින් Text Message හුවමාරු කර ගැනිමේ හැකියාව ලැබෙනවා.

මෙලෙස ජංගම දුරකථන නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ නවතම Flagship Series සදහා Satellite Connectivity එක ලබා දීමත් සමග Samsung සමාගමත් ඔවුන්ගේ එළිදැක්විමට නියමිත Galaxy S23 Flagship Series එක සදහාත් මේ පහසුකම ලබා දිමට නියමිත වන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව ඔවුන් විසින් Global Satellite Communications Company එකක් වන Iridium සමගින් හවුල් වී Galaxy S23 Series එක සදහා Text Messages සහ Low Capacity Images හුවමාරු කර ගැනිමේ හැකියාව ලබා දීමට සුදානමින් සිටිනවා.

කෙසේ වෙතත් තවමත් Samsung සමාගම විසින් මේ පිළිබඳ නිල වශයෙන් තොරතුරු හෙළි කර නොමැති වුවත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන Apple සහ Huawei සමාගම් දෙකම මේ වන විටත් මෙම පහසුකම ලබා දී තිබෙන බැවින් Samsung සමාගමේ මීලග Flagship Device Series එක වන Galaxy S23 Series එක සදහා මේ පහසුකම ලබා දෙනු ඇතැයි විශ්වාසයෙන් යුතුව බලාපොරොත්තුව සිටින්න පුලුවන්.

Sources: www.sammobile.com www.xda-developers.com www.phonearena.com