Android 15 මත පදනම් වුණ One UI 7 stable update එක ගැන මේ වන විට අන්තර්ජාලය තුළ විවිධ තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. ඒ අනුව Samsung ආයතනය තම Galaxy S24 Series එක සඳහා මේ යාවත්කාලීනය මාර්තු මාසයේදී ලබා දෙන්න සූදානම් වෙනවා.
මේක Samsung හි One UI ඉතිහාසයේ විශාලතම යාවත්කාලීනයක් වෙයි කියලත් සඳහන් වන අතර මෙය නව විශේෂාංග, වැඩිදියුණු කළ animations, සහ තවත් බොහෝ දේ සමඟින් සමන්විත වනවා. Galaxy S25 Series එක මෙම වසර ජනවාරියේදී One UI 7.0 සමඟම එළිදැක්වුවත්, S24 වගේ පැරණි උපාංගවලට මේ නව One UI 7 යාවත්කාලීනය ලබා දෙන්න වෙනදාට වඩා සැලකිය යුතු කාලයක් Samsung සමාගම මෙවර ලබා ගත්තා.

අන්තර්ජාල වාර්තාවලට අනුව, One UI 7 Beta 4 යාවත්කාලීනය 2025 පෙබරවාරි 19දී S24 Series එකට ලැබුණු අතර bugs අඩු කර, AI Filters, Samsung Log වගේ නව විශේෂාංගත් එකතු කරලා තිබුණා. Samsung හි Community moderator කෙනෙක් කියන විදිහට, Beta අවධිය දැන් අවසන් අතර, ඊළඟ පියවර ස්ථායී යාවත්කාලීනයයි (Stable Update). ඒ අනුව බොහෝ විට මාර්තු මැදදී S24 Series එක සඳහා මේක ලැබෙයි කියලා, ඊට පස්සේ S23, Z Fold 6, Z Flip 6 වගේ උපාංගවලටත් එයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.
One UI 6 Beta Version එක, Android 14 මත පදනම් වෙලා, 2023 ඔක්තෝම්බර් මාසයේදී Galaxy S23 Series එකට ලැබුණා. එමෙන්ම Stable Update එකත් 2023 නොවැම්බර් 13දී Z Fold 5, Z Flip 5, A34, A54 වගේ උපාංගවලට ලැබුණා. S22 Series එකටත් නොවැම්බර් 15දීත්, S21 Series එකට නොවැම්බර් 20දීත් ලැබුණා. A52 වගේ mid-range උපාංගවලට නොවැම්බර් 27 වෙද්දී මේ One UI 6 Stable Update එක ලැබුණා. ඒ කියන්නේ Beta Version එකෙන් මාසයකටත් අඩු කාලයකින් Stable Version ලැබුණා.
ඒ අනුව One UI 6 එකේ rollout එක ඉක්මන් වුණත්, මෙවර One UI 7 එකේ rollout එක නම් තරමක් ප්‍රමාද කියන්න පුලුවන්. 2024 දෙසැම්බර් මුලදී S24 Series එකට Beta Version එක ලැබුණත්, Stable Version එක ලැබෙන්න මාර්තු දක්වා බලා සිටින්න වෙනවා.
One UI 7 හි විශේෂාංග
One UI 7 එකෙන් Galaxy පරිශීලකයන්ට නවතම Android 15 අත්දැකීම ලැබෙන අතර ඒ සමඟ battery life වැඩි කිරීම, satellite connectivity (සමහර උපාංගවලට), සහ privacy settings තවත් විශේෂාංග රැසක් ලැබෙනවා.
- Redesigned UI: නව icons, quick settings panel එකකට facelift එකක්, සහ lock screen customization.
- AI Enhancements: Writing assistance, Bixby හි වැඩිදියුණු, සහ Galaxy AI හි නව ලක්ෂණ වගේ Video Object Eraser.
- Smoother Animations: System-wide animation වැඩිදියුණු කරලා, භාවිතය තවත් පහසු කරනවා.
- Vertical App Drawer: Apps A-Z අනුපිළිවෙලට scroll කරන්න පුළුවන් නව ක්‍රමයක්.
Samsung සමාගම විසින් තවමත් One UI 7 සඳහා නිළ rollout සැලැස්මක් දී නොමැති වන අතර අන්තර්ජාලය තුළ වාර්තා වන තොරතුරුවලට අනුව,
- මාර්තු 2025: Galaxy S24, S24+, S24 Ultra Series එක සඳහා පළමුවෙන්ම ලැබෙයි.
- අප්‍රේල් 2025: S23 Series, Z Fold 6, Z Flip 6 වගේ flagship උපාංගවලට.
- මැයි 2025: S22, S21 Series සහ A54, A53 වගේ mid-range උපාංගවලට.
One UI 7 ලැබෙන Galaxy Smartphone ලැයිස්තුව
- Galaxy S series: S24, S24+, S24 Ultra, S24 FE, S23, S23+, S23 Ultra, S23 FE, S22, S22+, S22 Ultra, S21, S21+, S21 Ultra, S21 FE
- Galaxy Z series: Fold SE, Fold 6, Flip 6, Fold 5, Flip 5, Fold 4, Flip 4, Fold 3, Flip 3
- Galaxy Tab series: Tab S10+, Tab S10 Ultra, Tab S9, Tab S9+, Tab S9 Ultra, Tab S9 FE, Tab S9 FE+, Tab S8, Tab S8+, Tab S8 Ultra, Tab S6 Lite (2024), Tab A9, Tab A9+, Tab Active 5, Tab Active 4 Pro
- Galaxy A series: A73, A55, A54, A35, A34, A33, A25, A24, A23, A16 (LTE/5G), A15 (LTE/5G), A14 (LTE/5G), A06, A05s
- Galaxy M series: M55, M55s, M54, M53, M35, M34, M33, M15, M14 (LTE/5G), M05
- Galaxy F series: F55, F54, F34, F15, F05
- Other Galaxy devices: Xcover 7, Xcover 6 Pro, C55