Loading...
Genxt Sri Lanka විසින් iPhone 13 ගැන කියන අවුරුදු 2 කතාව මොකක්ද?

හැමෝම දන්න කාරණාවක් තමයි Apple සමාගම විසින් ශ්‍රී ලංකාවට පත් කරල තියෙන එකම නිල බෙදා හැරීමේ කටයුතු සිදු කරන ආයතනය තමයි Genxt Sri Lanka කියන එක. මේ වන විට ශ්‍රී ලාංකීය වෙළඳපලේ Apple සමාගමේ නිෂ්පාදනයක් මිලදී ගන්නා විට, එනම් iPhone එකක් වේවා, MacBook එකක් වේවා, වෙනත් Apple නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් මේ වන විට පෙළඹී සිටින්නේ නිශ්චිත වගකීමකින් යුතුව ඉහත කී උපාංගයන් අලෙවි කරන Genxt Sri Lanka ආයතන සහ Genxt වගකීමක් සහිත Apple උපාංග මිලදී ගැනීමටයි. මෙහිදී පාරිභෝගිකයන්ට Apple Care වගකීමද හිමිවන්නේ Genxt Sri Lanka ආයතනය නිල වශයෙන්ම Apple සමාගමේ ශ්‍රී ලංකාවේ බෙදා හැරීමේ කටයුතු සිදු කරන බැවිනි.

මීට අමතරව ශ්‍රී ලංකාව තුල Apple Authorized Resellersලා කිහිප දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් සහ Genxt Preffered partnersලාගෙන් official Apple phones ලබා ගත හැක. මීට අමතරව Apple Authorized Service Providersලාද සිටින අතර ඔවුන් හරහා අපට Apple සමාගම හරහා ලබා ගත හැකි අළුත්වැඩියා කිරීම් සහ අනෙකුත් අමතර සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මීට සති කිහිපයකට පෙර Apple සමාගම විසින් iPhone 13 සහ iPhone 13 Pro යන මාදිලි වල ජංගම දුරකතන එලිදැක්වීම සිදු කල අතර මේ වන විට ලොව පුරා එම මාදිලීන් සීග්‍රයෙන් අලෙවි වෙමින් පවතිනවා. නමුත් තවමත් iPhone 13 සහ iPhone 13 Pro මාදිලීන් ශ්‍රී ලංකාව තුලදී නිල වශයෙන් අලෙවි කිරීම සඳහා එළිදැක්වීම සිදු කෙරුනේ නැහැ. ඒ පිළිබඳව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් තුල ගැටළුවක් පැන නැගුනත් මීට දින කිහිපයකට පෙර Genxt Sri Lanka සමාගම විසින් ඔවුන්ගේ නිල Facebook පිටුවේ iPhone 13 සහ iPhone 13 Pro මාදිලි පිළිබඳ සඳහන් කරමින් පහත ආකාරයට පල කිරීමක් සිදු කර තිබෙනු Android වැඩකාරයෝ විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.

එහි සඳහන් වූ ආකාරයට නුදුරු දිනකදීම Genxt Sri Lanka ආයතනය විසින් නිල වශයෙන් iPhone 13 සහ iPhone 13 Pro මාදිලියේ ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ වෙළඳ පලට හඳුන්වා දීමට සූදානමින් සිටින බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳව තවදුරටත් විස්තර සොයා බැලීමේදී අපට හමු වූ තොරතුරු අතර Genxt Sri Lanka ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ නිල වශයෙන් Apple උපාංග අලෙවි කිරීමෙහි නිරත වන ආයතන කිහිපයක්ද එම post එක ඔවුන්ගේ නිල Facebook page වල පල කිරීම සිදු කර තිබුනා.

iPhone 13 මාදිලි නුදුරේදීම එළිදැක්වීමටත් වඩා ඔවුන් එහිදී මූලික වශයෙන් සඳහන් කර තිබුනේ වසර 2ක් පිලිබඳවයි. එහිදී ඔබට මෙන්ම අපටද කුතුහලයක් නැඟුනු අතර අප විසින් Genxt Sri Lanka ආයතනය සහ අදාල වෙළඳසැල් සම්බන්ධ කරගත්තද ඔවුන් ඒ පිළිබඳව කිසිඳු තොරතුරක් අප වෙත ලබා දීම ප්‍රතික්ෂේප කර අතර, Genxt ආයතනය විසින් ප්‍රකාශ කර සිටියේ එය Suprise එකක් බවත් එදාට අපි බලමු ලෙසත් ය.

ඔවුන්ගෙන් නිල වශයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වුවත් ඇතැම් විට මේ සඳහන් කර ඇති අවුරුදු 2 ඇතැම් විටකදී ශ්‍රී ලංකාවෙ iPhones සඳහා ලැබෙන Apple Care+ හෙවත් Apple Extended warranty එක විය හැකි බව අප විසින් නිගමනය කලෙමු. නමුත් එය 100%ක් එසේමයි කිව නොහැක්කේ කිසිඳු ආකාරයකින් එය තහවුරු කර ගැනීමට නොහැකි වූ බැවිනි. කෙසේ වුවත් මේ ආකාරයෙන් වසර 2ක් පිළිබඳව ඔවුන් සඳහන් කරන්නේ කුමන හෝ ආකාරයකින් පාරිභෝගිකයාට ලබා දෙන සේවාවක් සහ වාසියක් විය හැකි බව අපට නිශිචිත වශයෙන්ම කිව හැකියි.

මේ පිළිබඳව තොරතුරු ලද විගස ඔබ වෙත ගෙන ඒමට අප විසින් බලාපොරොත්තු වෙමු.