ගෝලීය තාක්ෂණික දැවැන්තයා වන Google සමාගම විසින් සිය Google Translate යෙදුම සඳහා Real-time පරිවර්තන හැකියාවන් සපයන, නව Beta Feature එකක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව පහසුකම මඟින්, පරිශීලකයින්ට Headphones භාවිතයෙන් සෘජුවම විවිධ භාෂාවල සංවාදවලට සවන් දීමටත්, ඒවා ක්ෂණිකව තමන් කැමති භාෂාවට පරිවර්තනය කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.
මෙම නව තාක්ෂණයේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ, එයට සිංහල භාෂාව ඇතුළුව භාෂා 70කට වැඩි ප්‍රමාණයක් සඳහා සහය දැක්වීමට හැකි වීමයි.
'Live Translate' ක්‍රියාත්මක වන ආකාරය,
මෙම නව Beta Feature එක, මඟින් පරිවර්තන සිදු කරන අතරතුර, කථිකයාගේ ස්වරය (Tone), අවධාරණය (Emphasis) සහ කතා කරන රිද්මය (Cadence) පවත්වා ගන්නා නිසා, විවිධ භාෂා කතා කරන පුද්ගලයන් අතර සංවාද තේරුම් ගැනීම වඩාත් පහසු වනවා.
ඒ අනුව දැන් වෙනත් භාෂාවකින් සංවාදයක යෙදීමට උත්සාහ කළත්, විදේශයකදී දේශනයකට හෝ දේශනයකට සවන් දුන්නත්, නැතිනම් වෙනත් භාෂාවකින් රූපවාහිනී වැඩසටහනක් හෝ චිත්‍රපටයක් නැරඹුවත්, ඔබට ඔබේ Headphones පැළඳගෙන, Translate යෙදුම විවෘත කර, 'Live translate' ඔස්සේ, ඔබට කැමති භාෂාවෙන් Real-time පරිවර්තනයක් ඇසීමට හැකියාව තිබෙනවා මේ ඔස්සේ ලැබෙනවා.
මෙම නව විශේෂාංගය සිංහල භාෂාව ඇතුළුව භාෂා 70කට වැඩි ප්‍රමාණයකට සහය දක්වන අතරම ඕනෑම Headphones වර්ගයක් සමඟ ක්‍රියාත්මක වනවා. එමෙන්ම, මෙම විශේෂාංගය එළඹෙන වසරේදී iOS උපාංග සඳහා මෙන්ම තවත් රටවල් සඳහාද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ නව Feature එක නිසා ශ්‍රී ලාංකිකයින්ට විදේශීය සංචාර, අධ්‍යාපන කටයුතු සහ ජාත්‍යන්තර සන්නිවේදනයන් සඳහා විශාල පහසුවක් සැලසෙනු ඇති අතරම භාෂා බාධක ජය ගනිමින් ගෝලීය දැනුම සහ සබඳතා වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට මෙම Live AI Translation තාක්ෂණය මඟින් අවස්ථාව ලැබෙනු ඇත.
Source: support.google.com








