Google Camera Go කියන්නේ Google සමාගම විසින් අඩු RAM ධරිතාවයකින් යුතු Entry Level Android Smartphones සදහා දුරකථන සඳහා එළිදක්වන ලද Camera App එකක් විදිහට හදුන්වන්න පුළුවන්. ඒ වගේම Google සමාගම මේ Camera Go App එක වැඩි දියුණු කිරිමට නිරන්තරව කටයුතු කරන අතර මිට පෙර ඔවුන් විසින් Night Mode Feature එක හදුන්වා දිමට කටයුතු කලා.
Android නිල Twitter ගිණුම ඔස්සේ ඔවුන් විසින් මේ වන විට Camera Go සදහා HDR Feature එක ලබා දිමට කටයුතු කල බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
Camera Go keeps getting better. We’re bringing HDR to more #Android devices, allowing you to capture photos with crisper details and richer color at any time of day. pic.twitter.com/mk8uByB6bK
— Android (@Android) December 17, 2020
එම Twitter සටහනට අනුව වඩා හොද ජායාරූපයක් ලබා ගැනිමට HDR Feature එක මගින් හැකියාව ලැබෙනු ඇති බව කියන්න පුළුවන්. හැබැයි මේ Google Camera Go App එක ලබා ගත හැකි වෙන්නේ Android Go Edition එක මත Run වෙන Android Smartphone සදහා පමණයි. නමුත් මෙහි APK File එක Android 8.0වලින් ඉහල ඕනැම Version එකක් Run වෙන Smartphone එකක් සදහා Install කල හැකි වුවත් තවමත් එලෙස Install කල පසු Night Mode එක හා HDR Feature එක ක්‍රියාත්මක විම නම් සිදු වෙන්නේ නැ.
Sources : Gizmochina