Loading...
Google සමාගමට බෙල්ජියමින් යුරෝ ලක්ෂ 6ක දඩ මුදලක් නියම වෙයි

මෑතකදි ඉඳන් ම Google සමාගමට විවිධාකාරයේ නීතිමය ගැටළු වලට මුහුණ පාන්න සිදු වුනා. ඒ ගැන Android වැඩකාරයෝ අපි විවිධ අවස්ථාවල තොරතුරු ගෙනාවා. ඉතින් මේත් Google සමාගමට මුහුණ හෙන්නට සිද්ධ උන තවත් නීතිමය ගැටළුවක් ගැනයි.

බෙල්ජියමේ පිහිටා ඇති එරට දත්ත ආරක්ෂක අධිකාරිය එහෙමත් නැතිනම් Data Protection Authority එක (APD) Google සමාගමට යුරෝ 600,000 ක දඩ මුදලක් නියම කරල තියෙනවා. ඉතින් මේකට හේතුව වෙලා තියෙන්නෙ යුරෝපයේ “right to be forgotten” කියන නීතිය violate කරපු links ඉවත් නොකිරීම නිසයි.

“right to be forgotten” කියන නීතියට අනුව යම්කිසි යුරෝපා වැසියෙකුට හැකියාව තිබෙනවා ඔහුට හෝ ඇයට අදාල data, information වගේ දේවල් වෙන කිසිම තෙවැනි පාර්ශවයකට අත් නොවෙන විදිහට අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සඳහා ඉල්ලීමක් කරන්න. මේක යුරෝපීය පුරවැසියන්ට නෛතිකව හිමිවන වරප්‍රසාදයක්. මේ තුලින් ඔවුන්ගේ privacy එකට වෙන හානිය අවම කරගැනීමෙ හැකියාව පවතිනවා.

ඉතින් මේක තමා දැනට APD එකෙන් impose කරලා තියෙන ලොකුම දඩය. මේක සිද්ද උනේ එක්තරා බෙල්ජියම් වැසියෙක් APD එකට appeal කිරීම හරහායි. ඔහුගේ ඉල්ලීම උනේ ඔහුගේ reputation එකට හානි වන විදිහට පල උනු links කීපයක් ඉවත් කිරීමයි.

ඉතින් APD එකට අනුව Google සමාගම මේ links ඉවත් කිරීම ගැන කිසිඳු තැකීමක් කරලා නෑ.

“Google has declared a serious breach by refusing it. Since the facts have not been established, are old, and are likely to have serious repercussions for the complainant, the rights and interests of the person concerned must prevail”               -Translated press release, Data Protection Authority, Belgium.

ඒ වගේම APD එක Google සමාගමට දැනුම් දීල තියෙන්නේ මාතෘකාවට භාජනය වෙලා තියෙන ඒ links වලට reference වෙන pages පවා ඉවත් කරන ලෙසයි.

කෙසේ වෙතත් Google සමාගම මේ පිලිබඳව අභියාචනයක් ගොනු කරමින් නැවත සටන් කරන්න තීරණය කරලා තියෙනවා. රොයිටර් පුවත් සේවයට ප්‍රකාශයක් ලබා දෙමින් ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ information සහ privacy access වලට මිනිසුන්ට ඇති වෙනුවෙන් ඔවුන් කටයුතු කර ඇති බවයි.

“We didn’t believe this case met the European Court of Justice’s criteria for delisting published journalism from search — we thought it was in the public’s interest that this reporting remain searchable”                                                                          - Google