Loading...
Google Fit හරහා iPhone වලින් හෘද ස්පන්දන වේගය සහ ස්වසන වේගය මැනීමේ හැකියාව ලබා දීමට කටයුතු කරයි

මේ වසර මුලදි Google සමාගම විසින් ඔවුන්ගේ Fitness App එක වෙන Google Fit සදහා ජංගම දුරකථනයේ කැමරාව ඔස්සේ හෘද ස්පන්දන සහ ශ්වසන වේගය මැනිමේ හැකියාව ලබා දිමට කටයුතු කරනු ලැබුවා.

හදුන්වා දිමේදි Google Pixel Devices සදහා පමණක් හදුන්වා දුන් අතර මේ වෙන විට තවත් Android Devices රැසක් සදහා මෙන්ම දැන් iOS සදහා වෙන Google Fit App එක සදහාත් මේ Feature එක ලබා දි තිබෙනවා.

Smart Phone එකේ Selfie Camera එක භාවිතයෙන් ශ්වසන වේගය මැනිම සිදු වෙන අතර මෙහිදි Selfie Cameraවට ඔබේ හිස හා ඉහල කොටස පෙනෙන පරිදි තබා හුස්ම ගැනිම මගින් ඔබගේ Physical Signal pixel මට්ටමින් Track කර අවශ්‍ය තොරතුරු ලබා ගෙන ශ්වසන වේගය මැනිම සිදු වෙනවා.

හෘද ස්පන්දන වේගය මැනිමේදි ඔබේ ඇගිල්ල පසුපස Camera එකේ Lens එක මත තැබිය යුතු අතර මෙහිදි ඇගිල්ල තුලින් ගමන් කරන රැධිර ප්‍රමාණය මැනිම සිදු කරන්නේ එහි වර්ණයෙන් හා සමේ වර්ණය හා තවත් සාධක ඔස්සේ වෙන අතර අවසානයේදි මේ දත්ත විශ්ලේෂණය කර හෘද ස්පන්දන වේගය ලබා දිම සිදු කරනවා.

Source : Gizmochina, 9to5 google